(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හඳුනානොගත් පුද්ගලයකු වූ ඉන්දියාවේ සිට වට්ස්අප් තාක්ෂණය මගින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ප්‍රධාන නියෝජිතයා මාලබේ මිහිඳු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කිය.
එම සැකකරු සමඟ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු ග්‍රෑම් හතළිස් දෙකක්, ජාවාරම සඳහා යොදාගත් නවීන පන්නයේ ජංගම දුරකථන දෙකක්,බැංකු කාඩ්පත් තුනක් හා ප්‍රවාහනයට යොදා ගත් තිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන මද වේලාවක දී වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරුගේ දුරකථනයට ඉන්දියාවේ සැඟව සිටින ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරීන් අමතා මත්කුඩු වලට පහල උසාවියේ නඩුවක් දමන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බවත් පැවසූ බව පොලීසිය කියයි.
ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හඳුනා නො ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තා ඉන්දියාවට රැගෙන ගොස් ඩුබායි රටට යැවීම සඳහා කටයුතු කළ පුද්ගලයා බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු දකුණු පළාත සහ සබරගමු පළාත කේන්ද්‍ර කොටගෙන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම වට්සප් තාක්ෂණය ඔස්සේ ස්ථානය පෙන්වා ජාවාරමක මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර කීපයකට ඉහත දී ඉහත දී වෙනත් වරදක් සඳහා සිරගතව සිටියදී ඉන්දියාවේ සිටින ජාවාරම්කරු හඳුනාගත් බව ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඕවිට දෙල් ඔලුව පදිංචිකරුවෙකි.සැකකරු මාලබේ පොලිසිය වෙත භාරදී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අන්තර්ජාලයෙන් කුඩු විකිණු ලොක්කා මාට්ටු