
(ඉන්දිකා රාමනායක )
ත්‍රී රෝද රථයක ගැටී බරපතල තුවාල ලැබූ පදිකයකු රෝහල් ගත නොකර මාර්ගයේ දමා යාමෙන් ඔහුගේ මරණය සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තල පදිංචි 59හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් තිදෙනා ත්‍රී රෝද රථයෙ ගමන් කරමින් සිටියදී කඳාන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි ඉහත පුද්ගලයා ත්‍රී රෝද රථයෙ ගැටී බරපතල තුවාල ලබා ඇත.
අනතුරින් සැකකරුවන් තිදෙනා පදිකයා රෝහල්ගත කිරීම සඳහා බව පවසමින් ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන ගොස් රෝහල් ගත නොකර මාර්ගයේ දමා ගොස් තිබේ.
මාර්ගයේ වැටී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පැමිණ තුවාලකරු රෝහල් ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියළුම ප්‍රධාන පාරවල් වල හැකි ඉක්මනින් සි.සි.ටිවි කැමරා සවි කරන්න ඕනා. ඒක අපරාධ මැඩ පවත්වන්න හා අපරාධකරුවන් අල්ලා ගන්න පහසු වෙයි.
මෙහෙම අයත් ඉන්නවානේ ලංකාවේ ඉතා කණගාටුදායකයි...