(යොහාන් භාසුර)

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ දුම්රිය ගමන් වාර 152 කට අමතරව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ගමන් වාර දෙකක්, කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ගමන් වාර දෙකක්, කොළඹ කොටුව සිට මහනුවර දක්වා ගමන් වාර දෙකක්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර දෙකක්, මරදාන සිට මාතර සහ මාතර සිට මරදාන දක්වා ගමන් වාර බැගින් නව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක්‍රියාත්මක වේ.