(රංජන් කස්තුරි)
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
අන්තර් ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සඳුදා සිට විවෘත කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා කියයි.
මහින්දෝදය විද්‍යාගාර,පාසල් පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන පිහිටුවා තිබෙන බව ද ඇමැතිවයා කියයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් මෙම ස්ථාන හඳුනාගෙන තිබෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද සංචරණ සීමා දැම්මාම ළමයි ඔයවගේ ඒකරාශී වෙන්න කළ යුතු හොඳම දේ සේම ළමයෙකුටම ටැබ් එකක් දීලා පාසල් පෙළපොත් අහෝසි කිරීම, සතියකට දින 02ක් ඔන්ලයින් ක්‍රමයට උගන්වලා දින 03ක් පාසල් ඉගැන්වීම ... ඔන්ලයින් ඉගැන්වීම් ඕනෑම පාසලක ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න සලස්වන්න... විශේෂයෙන් ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි... එතකොට දක්ෂ ගුරුවරුන්ගේ ළමයි ඉගෙන ගනීවි.
ඒ තැන්වලට ළමයි එකතු වුණාම කොවිඩ් අවදානමක් නැද්ද? ඊට වඩා නරකද ජවිපෙ කියන විදිහට රූපවාහිනී නාලිකා සියල්ල උදේ 7 සිට 12 තෙක් භාවිතා කරලා ළමයින්ට අධ්‍යාපනය දෙන එක. ඔය මහාචාර්යකම දීපන් ළමයෙකුට...
දැන්ද අවදිවුණේ..?
ඒ වෙනුවට කල යුත්තේ පරිඝනක සහ උපාංග වලට පනවා ඇති අධික බදු ඉවත්කිරීමත් රටම ආවරනය වන ලෙස දුරකථන සංඥා ලබාදීමත් පමනි
හොද දෙයක්. නමුත් මිට වසර කිහිපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොමිලේ වයි ෆයි කලාප ආරම්භ කරන විට එය විහිළුවක් ලෙස සලකා අද ආණ්ඩුව කරන අය එය කඩාකප්පල් කරා. ඒ වගේම තමයි එදා ළමයින්ට ටැබ් ලබා දීමට කටයුතු කරන විට. ටැබ් මගින් පිළිකා සහ වඳ භාවය ගැන කියා එයත් කඩාකප්පල් කලා.
මීට පෙර ක්‍රියාත්මකව තිබූ නැණසළ මධ්‍යස්ථාන නැවත සක්‍රීය කිරීම නව මධ්‍යස්ථාන ආරම්භ කිරීමට වඩා පහසුවෙන් සහ අඩු පිරිවැයකින් කළ නොහැකිද?