(ඩයනා උදයංගනී)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විවිධ පාර්ශව ගෙන යන අරගලයට සහය ලබාදීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තම ප්‍රතිපත්ති තුළ සිටිමින් මෙම අරගලයට සහය ලබාදෙන බවත්, මෙම පනත පරාජය කිරීමට කටයුතු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ 43 වන සේනාංකය අතර අද (22) සිය නිවසේදී පැවති සාකච්ඡාවකදීය.
මෙම පනත මගින් ආරක්ෂක අංශවලට මුවාවී මුදල් අයකරන විශ්ව විද්‍යාල පද්ධතියක් ගොඩනැගීම කරගෙන යන බව කී පාඨලී චම්පික රණවක මහතා එය ගෙනැවිත් ඇත්තේ කොතලාවල විශ්ව විද්‍යාල පද්ධතිය හා සම්බන්ධ පනත වෙනස් කිරීමට නොව විශ්ව විද්‍යාල පනත වෙනස් කිරීමට බව ද කීවේය.
කොතලාවල ආරක්ෂක පීඨය ආරක්ෂක අංශවලට සීමා නොවී මුදල් අය කර සාමාන්‍ය ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දිය හැකි විශ්ව විද්‍යාලයක් බවට පත්වීමත්, වෘත්තීය මට්ටමේ පරිපාලනයක් වෙනුවට ආරක්‍ෂක ලේකම්වරයා, හමුදාපතිවරු ඇතුළු හමුදාවේ ප්‍රධානීන්ට බහුතර බලය ලැබෙන විකල්ප ප්‍රතිපාදන කොමිසමක් තැනීමත් ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
දැනට පවතින විශ්ව විද්‍යාල පනත වෙනස් කර සුවිශේෂී අවශ්‍යතා සඳහා වූ විශ්ව විද්‍යාල බිහිකිරීමට මෙම පනත ගෙනැවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා ආරක්‍ෂක අංශ, පැවිදි පිරිස් වෙනුවෙන් සුවිශේෂ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවාට විරුද්ධ නැතැයි ද කීවේය.
වර්තමාන ක්‍රියාවලිය නිසා රටේ ගුරුවරුන්, ශිෂ්‍යයන් අතර විශාල අසහනයක් ඇති වී ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව් මරා උපන් කුමරු වගේ JVP සමයේ මොරටුව විශ්ව විධ්‍යාලයේ නවක සිසුන්ගේ මොළ සෝදා ඉදිරියට යවා අතුරුදන් කලාප වලට යන්නට වැඩ සැළස්වූ අන්තරේ කර්තව්‍යයේදී , පසුපසින් සිටපු කුමරු, ආපහු ඊළඟ පෞද්ගලික ගමනාන්තයට ලඟා වීමට අන්තරේව ආපහු තෝරාගෙන වගයි.
ඇති යන්තම් මේ මනුස්සයාට පිදුරු ගහක් හම්බ වුණා
කව්රු අරගල කළත් පනත 2/3න් සම්මත වෙන බව මෙයා දන්නවා. හරි හරි...
මෙයාලට ඕනේ රට ගිනිබත් කරලා... බලය ලබාගන්න...
කොහෙට මුක්කුවක් ගහලා හරි මම ජනාධිපති වෙන්නම් කියලා හිතෙනවා ඇති... ලංකාවේ විශ්වවිද්‍යාල යන්න ලකුණු මදි ළමයි පිටරට විශ්ව විද්‍යාලවලට ලංකාවේ සල්ලි දුන්නාට කමක් නැහැ කියලා නේද මේ නොකියා කියන්නේ... ඒ වගේම පිටරට යන්න සල්ලි නැති ළමයින්ට විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය අවශ්‍ය නැද්ද?... ඒ ප්‍රශ්නයට කෙලින්ම විසඳුමක් කියන්න ලංකාව ඇතුලේ පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කියනවා නම්... මොකද නැත්නම් වෙන්නේ අර පිටරට ඉගෙනගන්න සමහරු ආපහු ඇවිත් ලොකු රස්සා ගන්නකොට විශ්ව විද්‍යාල නැති රටේ හිරවුණු දරුවන් රස්සා නැතුව හෝ පොඩි දෙයට හිරවෙන එක.... ඊට පස්සේ ආපහු තරුණ අසහනය කියලා විප්ලව කරවන්න පුළුවන්. ඒ නිසා පුද්ගලික විශ්වවිද්‍යාල එපා නම් තරුණ අසහනය ඇතිනොවෙන ක්‍රමයක් කියන්න.