
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්‍රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ තවත් මුදල් අයකැමිවරුන් දස දෙනකු පමණ තවමත් එම ස්ථානවලම සේවය කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
2020 / 2023 වසර වල පින්නදුව, කඩවත, ඡා ඇල හා කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල එම මුදල් අයකැමීවරුන් සේවය කරමින් සිටියදී මෙම විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී පැහැදිලි සාධක සමඟ අනාවරණය වී තිබුණත් එවකට සිටි බලධාරීන් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන නොතිබිණි.
නමුත් අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් වංචාවේ යෙදුණු අය කැමීවරුන් 22 කුගේ වැඩ තහනම් කිරීමට කෝප් කමිටුවේ නිර්දේශත් සමඟ වර්තමාන බලධාරීන් දින කීපයක් තුළදී කටයුතු කර තිබිණි.
මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස් පි එම් සුරිය බණ්ඩාර අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මම මෙම තනතුරට පත්වෙලා තාම මාස කීපයයි.අනිවාර්යයෙන් මම ඒ ගැන සොයා බලනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි යන්නේ බෙදිලා. තනි සාක්කුවකට නෙවෙයි.
ඕකනේ ලංකාවේ ක්‍රමවේදය රටම හොරාකාපු මැති ඇමැතිලා පාර්ලිමේන්තුවේ තවමත් ඉන්නේ..
ඕකේ ඉන්න එවුන් වැඩි හරියක් නාමල් ගේ නිල් බලකායේ එවුන් .පට්ට හොරු
ඕක මේ රටේ හැටි. මුලු රටම හොරා කාපු අය ඔය තාම ඉන්නේ පාර්ලිමේන්තුවේ . මහ හොරා පිං පුටුවේ.
ඕක තමා අතීතයේ පවුලේ ඉතිහාසය හොයලා ඔය වගේ තනතුරුවලට ගත්තේ. සමෘද්ධිය අස්වැසුම මේවට ආසන්න හේතු... බොහෝ පවුල්වල සමෘද්ධිය අස්වැසුම වංචා සහගතව ගන්න එක ඇත්ත. ඔවුන්ගේ දරුවන්ට වංචාව සාමාන්‍ය දෙයක් කියල පේන්න ඒක හේතුවෙනවා. මේ අපරාධය නවත්තන්න නම් අත පය හොඳට තියෙන අවුරුදු හැටට අඩු කිසිම අයෙකුට සහනාධාර දීමට නවත්තන්න ඕන.
මහ බැංකුව හොරා කාපු අය තමවත් සේවයේ ඉන්දැද්දි ඕක කජ්ජක්ද ?
රටේ හොරු ඉන්නේ 225 තුල නොවෙයි රාජ්‍ය හා අනුබද්දිත සේවාවල. ඒ නිසා හොරකම සිදුඋන වහාම රැකියාව අත් හිටවා සේවයෙන් පහ කරනවා නම් හොරු නැතිකරගන්න පුළුවන් නැතිනම් මේ රට හදන්න බැහැ.