
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් රජයේ සමයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පමණ ඉහතදී එම කටයුතු වලින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත්කර රක්නා සමාගමේ ආරක්ෂක නිලධාරීන් වෙත පැවරිය.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය , දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව , කොළඹ පිටත වටරවුම් මාර්ගය , නව කැලණි පාලම හා සහ කොළඹ කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට යෙදවීමටත් ඊට අමතරව මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගය නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම් මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා 20 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආණ්ඩුව බල්ලාගේ වැඩේ ගොනාට දුන්න, දැන් ආණ්ඩුව බල්ලාගේ වැඩේ බූරුවාට දෙන්න හදන්නේ. කාටවත් තේරුමක් නැහැ නේ මේක බල්ලාගේ වැඩක් කියල? අධිවේගී මාර්ගයක ගලවාගනීම් කරන්න මොවුන්ට සුදුසුකම් තියෙනවද?
ගුණරත්න ,බල්ල බූරුව නෙවෙයි, රක්නලංකා කාගෙද කියල හොයල බලන්න. එතකොට අපට තේරෙනව වැඩේ අරමුණ කුමක්ද කියල? හැට පැනපු උන් සහ හමුදාවෙන් ඉවත්ව ගිය උන් ඉන්න පෞද්ගලික ආරක්ෂක සේවයකට වඩා වෘත්තිය ආරක්ෂකයො නරක් වෙන්නෙ කොහොමද කියන්න.