IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධිවේගයේ මහා මුදල් කොල්ලයක්:22කගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක ,අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදුකර ඇත.

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා ද ඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මහා පරිමාණ මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (13)

අධිවේගයේ මහා මුදල් කොල්ලයක්:22කගේ වැඩ තහනම්

සෙනෙවිරත්න Tuesday, 25 June 2024 07:41 PM

මේවට එකම විසඳුම ඔන් ලයින් පේ ක්‍රමය හඳුන්වා දීමයි. ඒත් ඒකට යන්න නිළධාරින් සහ ඇමතිල කැමති නැහැ

:       3       84

ChandrasomaWednesday, 26 June 2024 07:16 AM

ඇමති කියලද හොරකම් කරලා තියෙන්නේ හැම එකටම දේශපාලනේ ගාව ගන්න එපා මේ රට බහුතරයක් කෑලි නිලධාරී හා රාජ්‍ය සේවකයින්

:       7       20

බණ්ඩා Tuesday, 25 June 2024 07:46 PM

වැඩ තහනම පමනක් ප්‍රමානවත් නොවන අතර​ම බංකොලොත් රාජ්‍යට කරන ලද හානිය වෙනුවෙන් සිර දඬුවම් පමුනුවා, සියලුම රාජ්‍ය සේවාවන් ජීවිත කාලය පුරා තහනම් කර​, ඔවුන්ව බ්ලැක් ලිස්ට් කල යුතුමය.

:       0       101

පාඨකයෙක්Wednesday, 26 June 2024 12:15 AM

මොවුන්ට සිර දඬුවම් පමුණුවා යහමින් තුන් වේලක් මහජන මුදලින් කුස පිරවීමනම් නොකළ යුතුමය. ආදි කාලයේ මෙන් ලුණු සමඟ බත් ස්වල්පයක් පමණක් ආහාරයට දී, වෙහෙසකාරී, බර වැඩවල යෙදවිය යුතුය. එමෙන් ම සොරකම් කළ සියලු මුදල් නැවත අය කර ගත යුතුය. ඔවුන් එම මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කර, වෙන්දේසි කර මුදල් ලබා ගත යුතුය. මේ රට සොරාකන්නන්ට එරෙහිව ඉහළ සිට පහළට ක්‍රියා මාර්ග ගත නොහැකිනම්, පහළ ම මට්ටෙම් සිට ඉහළට ක්‍රියා මාර්ග ගත යුතුය.

:       0       13

Prabha Tuesday, 25 June 2024 10:11 PM

Tele pass, ක්‍රෙඩිට් කාඩ් වගේ දියුණු ක්‍රමවලට යන්න හොරු කැමති නෑ

:       0       17

de silva Tuesday, 25 June 2024 10:39 PM

අහක යන සර්පයෝ රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කනවා , කනවා කියන්න එපා . ඕක ලෝකේ තිබෙන මුස්ලිම් රටක තියාගන්නේ නැතුව මේක අස්සේම තියාගන්න හදන්නේ , ලෝක මුස්ලිම් ප්‍රජාව සමග මේ නිකායට අවුලක් ඇති , සල්ලි නොවේ වැදගත් ඉදිරි අනාගතේ රටට අනවශ්‍ය ප්‍රශ්න දමන්නේ නැතුව ඉන්න එක .

:       0       1

Perera Wednesday, 26 June 2024 12:08 AM

ලොකුම ලොක්කෝ කෝටි ගණන් පිල්ලි ගහන රටේ පොඩි මිනිස්සු පිල්ලි ගහන එක පුදුමයක් නෙමෙයි

:       4       6

යෝගා Wednesday, 26 June 2024 06:10 AM

ඔය අතරින් කීපදෙනෙකු දූෂිතයන් පලවාහරිනු කියල අරගලයටත් සහභාගි වෙන්න ඇති.

:       5       14

නිමල් Wednesday, 26 June 2024 06:33 AM

අල්ලස් සහ දූෂණ වාර්තාවන දිනයක් දැන් දැන් නොමැති තරම්. අද දිනට ලංකාදීපයේ ම දෙකක්. ඡාත්‍යන්තර එකට කොපමණ දොස් කීවත් එයත් අල්ලස් දූෂණ වලට එරෙහි රජය පියවර ගත යුතු යැයි නිර්දේශ කර තිබුණා. ඒත් නොවන්නේම එයයි.ඉතින් මෙරටට වැටී සිටින ආගාධයෙන් කවදා ගොඩ යා හැකි ද?

:       0       7

sam Wednesday, 26 June 2024 08:10 AM

මාර හොරු ඉන්න රටක් සුනාමි ආධාර හොරාකාපු සුදුළුෑනු වංචා කලා සීනී වංචා කලා ගුවන්තොටුවල කොන්ත්‍රාත් වලින් කොමිස් ඉල්ලා අතේ මාට්ටු වුනා. හැම දේකින්ම 10% ගන්න එවුන් ඉන්න ආණ්ඩුවේ සල්ලි මහ පරිමාණයෙන් අවභාවිතා කරලාත් තවමත් හොදට සුර සැප විදින දේශපාලුවන්ගේ ඉන්න රටක ඕවා සුළු දේවල් මෙයා

:       3       8

පාඨකයෙක් Wednesday, 26 June 2024 09:46 AM

මොවුන්ට සිර දඬුවම් පමුණුවා යහමින් තුන් වේලක් මහජන මුදලින් කුස පිරවීමනම් නොකළ යුතුමය. ආදි කාලයේ මෙන් ලුණු සමඟ බත් ස්වල්පයක් පමණක් ආහාරයට දී, වෙහෙසකාරී, බර වැඩවල යෙදවිය යුතුය. එමෙන් ම සොරකම් කළ සියලු මුදල් නැවත අය කර ගත යුතුය. ඔවුන් එම මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කර, වෙන්දේසි කර මුදල් ලබා ගත යුතුය. මේ රට සොරාකන්නන්ට එරෙහිව ඉහළ සිට පහළට ක්‍රියා මාර්ග ගත නොහැකිනම්, පහළ ම මට්ටෙම් සිට ඉහළට ක්‍රියා මාර්ග ගත යුතුය.

:       0       5

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 10:32 AM

චන්ද්‍රසෝම, ඇමැතිලා කියල නෙවෙයි ,ඒත් ඇමතිලා පත්කරපු උන්, ඒ හයිියට තමයි ඕව කරන්නේ. බැලුවොත් ඔය අධි⁣වේගේ සේකයන්ගේ බාගයක් මැදමුලනෙ පත්වීම්. අනෙක දේශපාලන හයිය නැතිව මොනවත් කෙරෙන්නෙ නැහැ

:       3       4

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 10:36 AM

ඕස්ට්‍රේලියාවේ අධිවේගී පාරවල කැමරා මගින් සියලුම වාහන වල නොම්මර ස්කෑන් කර එසැනින් වාහන හිමියන්ගෙ ගිණුම් වලින් අඩුවෙනවා, මේව කරන්න බැරි ඇයි? සේවකයෝ සහ අනවශ්‍ය ප්‍රමාද නැහැ. අනීවාරයෙන්ම වාහන හිමියන්ට කාඩ් ක්‍රමය ගැනීමට බලකල යුතුයි අනුකම්පාව බැරිකම මත මෙහෙම යන්න බැහැ, බදු ක්‍රමය කාර්යක්ෂම වීමටත් ඒක හේතු වෙයි

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site