(කේ. බුද්ධික කුමාරසිරි)
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධිවේගයේ බඳපට සිහිනය අද සිට
සෑම් Friday, 01 August 2025 08:18 AM
වැඩේ නම් හොඳයි . හැබැයි සමහර සැහැල්ලු වාහනවල පිටි පස බඳ පටි වෙනුවට කොහු ලණු වලින් හදා ගත්තු පටි තමයි දාන්න වෙන්නේ
අකිල Friday, 01 August 2025 08:32 AM
අධිවේගයේ යන වෑන්, බස් ගණන 90% කින් විතර අඩු වෙයි අද ඉඳල
Perera Friday, 01 August 2025 02:22 PM
එතකොට ඔඩොක්කුවේ යන අයට මොකක්ද දාන්න ඕන පටිය...?
idr tharangaFriday, 01 August 2025 03:06 PM
මට කතාවක් මතක් වුණා. ලංකාවේ හොරකමක් වහන්න හෝ නැති කරන්න මොකක් හරි නීතියක් හරි, ක්‍රමයක් හරි හැදුවොත් ලංකාවේ අය බලන්නේ ඒ නීතිය හෝ ක්‍රමය බයිපාස් කරලා කොහොමද හොරකම් කරන්නේ කියලාලු. මේත් ඒ වගේ ඩයල් එකක්. මේ වගේ අයට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින අය කියලා...
ගුණරත්න Friday, 01 August 2025 04:09 PM
මෙහෙ තියෙන තරමක් වැන් බඩු අදින වෑන්, ඒවා අඩුවට ගෙනත් සීට් ගහලා දුවන ඒවා. ඒවා වල සීට්බෙල්ට් තියා වහලේ හරියට කුෂන් කරලාවත් නැහැ. පස්ස වීදුරු අරින්න බැහැ. ඔය වාහන කොහොමද හයිවේ යන්නේ? ආණ්ඩුව බදු ගැහුවාම වෙන දේවල් තමයි ඔය. මිනිස්සු බෝලේරෝ කැබ්වල සීට් ගහන් යන්නේ ආසාවට නොවෙයි... වෙන විකල්පයක් නැති නිසායි..
කමනි Friday, 01 August 2025 05:43 PM
ආසන පටි පැළඳීමෙන් ආරක්ෂා වන්නේ තමන්වමයි. රිය අනතුරකදී ආසන පටි පැළඳ සිටි අයකු මිය යාමේ සම්භාවිතාව එසේ නොකළ අයකු මිය යාමේ සම්භාවිතාවට වඩා ඉතා අඩුයි. මේවා පැළදිය යුත්තේ අවබෝධයෙන් මිස, පොලිසිටය, නීතියට ඕනෑවට නොවේ. මේ ගැන කිසිම අවබෝධයක් නැති ජනතාව ඉස්සෙල්ලාම දැනුවත් කර වැඩේ පටන් ගත යුතුයි. ලංකාවේ මිනිස්සු ආරක්ෂාව ගැන ඇති දැනුවත්භාවය බින්දුවයි.