
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කන්දක් නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැසී ගිය පින්නදුව සහ ඉමදූව අතර කිලෝමීටර් 102 ප්‍රදේශයේ පස් ඉවත් කිරීමේ කටයුතු සම්පර්ණයෙන්ම නිම කර ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග (නඩත්තු හා මෙහෙයුම් අංශය ) ආර් ඒ ඩි කහටපිටිය මහතා පැවසීය.
මේ වන විට අධිවේගී මාර්ගය ජලය යොදා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ නාය ගිය කන්ද පරික්ෂා කිරීමට නියමිත බව අධ්‍යක්ෂවරයා කීය.
ඉන් අනතුරුව ඔවුන් ලබාදෙන අනුමැතිය මත වාහන ගමනාගමනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කාර්යක්ෂම මඟ විරුවන් ගැන ඇත්තටම සතුටුයි.