
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශය) ආර්.ඒ.ඩි කහටපිටිය මහතා පවසයි.
11,12, සහ 13 යන තෙදිනේ වාහන 387,586 ධාවනය කිරීමෙන් මෙම ආදායම ලැබී ඇත.
11 වෙනිදින අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 163,541ධාවනය වී ඇති අතර ලද ආදායම රුපියල් 54,666,450.00 ද 12 වෙනි දින වාහන 134,195 ධාවනය වී රුපියල් 47,712,350.00 ක ආදායමක් ද , 13 වෙනි දින වාහන 89850 ක් ධාවනය වී රුපියල් 321,20000 ක් ද ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරයා කීය.
2024 වසරේ අප්‍රේල් මස 11,12,හා 13 දින තුනට සමගාමීව සැසඳීමේදී අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සහ ලද ආදායම සියයට තිහක වැඩිවීමක් බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අපරාදෙ අධිවේග , වරායවල් එහෙම හැදුුවෙ. ඕවා කන්නද
ඇඹුල් තියල් අරං යනවාද මේ තරමටම? දඩමස් ලාබ ඇති ගාල්ලේ. හයිවේ කන්නද? රාජපක්ෂලා කරපු මෝඩ වැඩ වලිනුත් ආදායම් ලැබෙනවද?
ගිවිසුම් අනුව, රජයට හෝ භාණ්ඩාගාරයට කොතරම් මුදලක් ලැබෙනවද?
කාඩ්පත් මගින් පමණක් ගෙවීම් නීතිගත කළා නම් ඉදිරියේදී හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් හොර ටිකට් නැතිව, කළින් අධිවේගයේ පිල්ලි ගහපු අයට මොකද කළේ කියලා දැනුම් දුන්නා නම් වඩාත් හොඳයි.
හයිවේ එපා, පාලම් එපා... පුළුවන් නම් ඒදණ්ඩක් හදලා පෙන්වන්න.