
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා ගමන්ගත් ,සුඛෝ භෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80 දශම 9 කණුව අසලදී අනතුරකට ලක්වීමෙන් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 16-21 පසුවන පුතුන් දෙදෙනා සහ බිරිඳ වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර වන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු මෝටර් රථය පදවා ඇති බව පොලිසිය කියයි.ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මැද ආරක්ෂිත වැටේ ගැටි කැරකී ගොස් මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝභෝගී පෞද්ගලික බස් රථයේ තිබූ දකුණු පස බඳ කොටසේ ගැටී අනතුරට ලක්වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිදුවූ අනතුරත් සමගම මෝටර් රථයේ තුවාල ලබා සිරවී සිටි පිරිස මාර්ග සංවර්ධන අධිකාරියේ ගිලන් රථ පැමිණීමට පෙර මාර්ගයේ ගමන් ගත් වාහන රියදුරන් විසින් කරාපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එවුන්ට අධිවේගී මාර්ගය භාවිත කරන්න දීම භයානකයි. නුපුහුනු රියදුරන් සමහර අවස්ථාවල යන්න බය හිතෙන විදියට වැඩ පෙන්නන්න යනව.
තාත්තගේ මොලේ පුතාට කොයින්ද? එයත් තව එක් තරුණ මදයෙන් පිම්බුණු අපරික්ෂාකාරී රියදුරෙක් විතරයි. ඔන්න ප්‍රතිඵල.
තාත්තා (රියදුරු බලපත්‍රය ඇතැයි සිතමි) වාහනය පැදවූවා නම් මෙවැනි අනතුරක් නොවන්න තිබුණා. කොහොමත් තරණ වයසේ අය වේගයෙන් යන්න කැමති වුණත් ඒක ඕනෑම අවස්ථාවක දී පාලනය කරගන්න දන්නේ නැතිකම මෙවැනි අනතුරුවලට හේතුවයි.
සෑහෙන කාලයක් සාමාන්‍ය පාරවල්වල රිය පදවලා පුරුදු නැතිනම් මේ අධිවේගී මාර්ගයේ යන එක හොඳටම අවදානම්. මොකද වෙන රටවලට වඩා මේ අධිවේගී මාර්ගයේ පළල අඩු වගේ තමයි මට නම් පෙන්නේ. වාහනයක් තව වාහනයක් ඉස්සර කරද්දී වැටට බොහොම ලඟින් වගේ ගමන් කරන්නේ පොඩ්ඩ වැරදුනොත් විනාසයි. මේ සුඛෝපභෝගී බස් රියැදුරන් සාමාන්‍යෙයන් 100 ත් 110 ත් අතර වේගයෙන් යන වෙලාවල් තියෙනවා. ඒක හොඳයි කියනවා නෙමෙයි. හැබැයි ඒ හුඟක් රියැදුරන් අනතුරු කර ගන්නේ නැතුව යන්න දන්නවා. ඒ මිනිස්සුන්ගේ පළපුරුද්දත් එක්ක. මේ ළමයා එවැනි වේගයෙන් යන බසයක් ඊටත් වඩා වේගයෙන් ඉස්සර කරන්නත් ගියා වගේ තමයි මෙතැන පේන්නේ බසයේ දකුණු පැත්තේ වැදුණා කියලා කියන කොට...!
සමහර අය මැද ඉර අල්ලගෙන ගාටනවා, ඉස්සර කරන්න ඕන වාහනය දකුණට ගන්නකොට දකුණු පැත්තෙ වැටේ ගෑවෙනවා.. රෝද යන්තම් කැපුනොත් වදිනවා. පාර පටු කමත් මැද වම් පැත්ත කොච්චර ඉඩ තිබුණත් මැද ඉර අල්ලගෙන ගාටන ආත්මාර්තකාමි රියැදුරන් තමයි මේකට හේතුව...!