
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් , අතරමගදී නවතා , එහි රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියට අදාල , එක් බස් රථයක රියදුරෙකු හදුනාගෙන ඇති බව , අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි .
ඔහුගෙන් ලබාගන්නා තොරතුරුවලට අනුව අනෙක් රියදුරු හදුනා ගැනීමට නියමිත බව පොලිසිය කියයි .
අම්බලන්ගොඩ සිට කඩවත දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ධාවනය වූ බස් රථයක් , සහ කඩවත සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ බස් රථයක් , කළුතර ප්‍රදේශයේදී අතරමග නවතා , එහි රියදුරන් දෙදෙනා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයට ලැබී තිබුණි .
ඒ අනුව සිද්ධියට සම්බන්ධ SP - ND - 3996 දරණ බස් රථ අංකය , මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට , ඒ හරහා අදාළ බස් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් එකක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව එහි රියැදුරු දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ටාශයට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බව පැවසේ.
සැකකරුගෙන් ලබාගන්නා තොරතුරු වලට අනුව අනිත් බස් රථයේ රියදුරු හදුනා ගැනීමට නියමිත
අධිවේගී මාර්ගයේ අතරමග රථවාහන ගාල් කිරීම හා පා ගමනින් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර , මෙම චෝදනා සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ . ජේ පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ , සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහතාගේ උපදෙස් මත , අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නොවෙයි රියදුරුයි මාරුවෙලා තියෙන්නෙ. කෙස් නමුත් මේ රියදුරන් නීතිය නොදැන කල වරදක් වෙන්න බැහැ. අධිවේගී මාර්ග නීති කඩකිරීමක්.