IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි

(අංජුල මහික වීරරත්න)

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත් ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු  සඳහා පත් වීම් ප්‍රදානය කිරීම  හා උපාධිධාරින්  1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට  ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.



අදහස් (7)

අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි

ජයනාත් Wednesday, 03 July 2024 02:19 PM

පන්තිවල බලෙන් උගන්වන්න බැහැ. තියෙන ප්‍රශ්න වලට උත්තර සපයලා ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් රට තුළ හැදිය යුතුයි...

:       24       16

krishnaWednesday, 03 July 2024 03:13 PM

මහත්මයා ගුරුවරයෙක්ද..? නැත්තං...!

:       10       4

randhunuWednesday, 03 July 2024 03:27 PM

බැරි එවුන් රස්සාවෙන් අස් වෙයල්ලා . පුලුවන් උන් කරයි. බලෙන් රස්සාවට ගත්තෙ නැහැනෙ.

:       6       15

අසරණ සරණWednesday, 03 July 2024 04:46 PM

ප්‍රශ්න තියෙනවා නම් දරුවො අසරණ නොකර ඉවත්වෙලා පලයංකෝ ජයනාත් .ඕවා නුඹලාට ආත්ම ගණනක් පඩිසන් දේවි නුඹලාට කවුරුවත් බලෙන් ඇවිල්ලා පත්වීම් දීලා නැහැනේ මොන ආණ්ඩුව ආවත් කරන්නෙ කරන්න පුළුවන් තරමට තමයි කරන්නෙ

:       4       12

සෙනෙවිරත්න Wednesday, 03 July 2024 03:10 PM

පඩි නැතුව වැඩ කරපල්ලා...

:       7       6

Wajirapani Wednesday, 03 July 2024 07:22 PM

කොහොම වුනත් පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි තව ටිකක් විධිමත් කරන්න ඕන ඊළඟට පත්වීම් ලබාදීම සිදුකර මාස කීපයක් පත්වීම් ලිපියේ කොන්දේසි හා රජයේ සේවකයින්ගේ වගකීම් තමන්ගෙ තනතුර රාජ්‍ය සේවයේ තියෙන ස්ථානය ආදිය ගැන පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න ඕන පුහුණුව අවසානයේ විභාගයක් පවත්වා ලබාගත් ලකුණු අනුව පාසල් ලබාදීම කලොත් හොදයි කියලා හිතෙනවා

:       0       1

ජයනාත් Wednesday, 03 July 2024 08:23 PM

අසරණ සරණ අසරණ වෙලා... පව්... අද වැඩ වර්ජන කරන්නෙ ගුරුවරුන් විතරයි ද.. ඇයි ග්‍රාම නිලධාරී , පරිපාලන නිලධාරීන් , රේගු , විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය , ..... එිව පේන්නෙ නැති තරමටම අසරණ වෙලා... තොපි තමා රට විනාශ කලේ ... දැන් රටේ ඉතිරි වෙන්නෙ ඔය වගෙ වැදගත්කමක් නැති එවුන් විතරයි අන්තිමට ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site