
(අංජුල මහික වීරරත්න)
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.
මෙතෙක් මෙරට පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින්වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජයීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර ඉන් මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරිමේදී අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මෙය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගයක් බව කී ජනපතිවරයා මෙතෙක් පැවති මෙන්ම වර්තමානයේ පවතින අධ්‍යාපනය මුළුමණින්ම සාර්ථක හෝ මුළුමණින්ම අසාර්ථකද යන්න තීරණය කිරීම නිවැරදි නැතැයි පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සුවිශේෂී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වෙනමම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකසා, එකී ප්‍රතිපත්ති රාමුව මත කටයුතු කරනවා වෙනුවට අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවතින බැවින් එහි පැවැත්මට බාධාවක් නොවන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී පැන නැගිය හැකි බවට පුරෝකථනය කරන ලද සමාජ අභියෝග ගැඹුරින් සමාලෝචනය කරමින්, නව සමාජයට ගැළපෙන පුරවැසියකු නිර්මාණය කිරීමට අවශ්‍ය කරුණු නව ප්‍රතිපත්ති රාමුවට අන්තර්ගත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාලය නියාමනය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද යන මහත්වරු සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd