
(අංජුල මහික වීරරත්න)
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව වෙතින් අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක බැංකුව විසින් සපයන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අරමුදල් යටතේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතී
. මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ හඳුනා ගන්නා ලද ව්‍යාපෘති සංරචක සියල්ලම පාහේ ක්‍රියාත්මක කර අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කරගනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය යටතේ හඳුනා ගනු ලැබ ඇති තවත් සංරචක කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ව්‍යාපෘති යටතේ ඉතිරිව පවතින අරමුදල් වලින් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක අතිරේක මුල්‍ය පහසුකමක් සලසා ගැනීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.
2026 වර්ෂයේදී ආරම්භ කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, සියලුම පළාත්වල තෝරාගත් පාසල් 900 ක සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද විෂය මාලා ඇගයීම් කරණය සහ ගුරු වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස එකී අතිරේක මූල්‍ය පහසුකම යෙදවීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත අතිරේක මුල්‍ය කරණය ලබා ගැනීම පිණිස ලෝක බැංකුව සමග සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත