

(ඡායාරූප - නවරත්න සමරතුංග)




(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
(නවරත්න සමරතුංග)
අම්පාර උහන ප්‍රධාන මාර්ගයේ සමනබැද්ද වංගුව අසලදී අද (08) අධිබල විදුලි රැහැනක ගැටී විදුලි සැරවැදී අලියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි.
සමනබැද්ද සිවිල්ආරක්ෂක බලකා කඳවුරට මඳක් දුරින් ඇති වංගුව සහිත ස්ථානයේ මෙම අධිවේගී විදුලි රැහැන් කණුව පිහිටා ඇත.
අලියා එම විදුලි රැහැන් කණුවේ පිට අතුල්ලා කසන්නට යාමේදී එය කැඩී විදුලි සැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව උහන පොලීසියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි කණුව කැඩීයාමෙන් උහන සහ තදාසන්න ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධිවී ඇති බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්.. මේ සත්තු මෙහෙම මැරිලා ඉන්නවා දැක්කම..
කතාකලොත් බෞද්ධ රටක්... හැබැයි අසරණ සතුන්ට කිසිම පිළිසරණක් නැහැ.. මේක නම් අනතුරක් කිවහැකියි. නමුත් මෙවන් අතිශය වටිනා වන සම්පතට වෙන විනාශය අතිශය කණගාටුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කතාකරන පාලකයන්, සංචාරකයින් මෙරටට පැමිණෙන ප්‍රධානම හේතුව අලියා සහ වනසතුන් සහ රුක්ෂ ලතාවන් නැරඹීමට හා ස්වභාව සෞන‍්දර්යයි. එහෙත් පාලකයින්ට මේවගේ වටිනා කමක් නැහැ. ඔවුන්ට එහෙම අවබෝධයක් නැහැ. බොහෝ අය කිසිම අධ්‍යාපනයක් නැති අය ඉන්නේ ඔවුන්ගේ එකම පරමාර්ථය කොහොම හරි සල්ලි හොයන එකයි. මෙවන් සතුන් නැති රටවල මිනිස්සු කොපමණ උත්සාහ කරනවද? මේවගේ සතුන් ඔවුන්ගේ රටවලට අනුගත කරන්න පුළුවන් ක්‍රමයක්...
අතුල ඔයා කියන විදියට මේකයි බෞද්ධකමයි අතර ඇති සම්බන්ධය මොකක්ද? ඔයා බෞද්ධ හෝ අබෞද්ධ කෙනෙක් වශයෙන් මේවා නැවත්වීමට ගන්න පියවර මොනවද? මට පෙන විදියට මේ ලයිට් කනුව ප්‍රමිතියට අනුව නැහැ. ඉතාම පොඩි යකඩ කම්බි දාල හදලා තියෙන්නේ. අපේ රටේ අලි සම්පත රැක ගන්න නම් ලොකු වැඩපිළිවෙලක් හදන්න වෙනවා. ලෝකේ කොහෙත් අලි ඉන්න රටවල මෙවැනි ප්‍රශ්න අපිටත් වඩා තියෙනවා, එත් අපි දකින්නේ අපේ රටේ වෙන දේ විතරයි.