IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අධිචෝදනා දුන් ලක්ෂමන්ට - ජයන්තට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් කළ බවට හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලක් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (30) නියම කළේය.

වසර 11කට පෙර කළ මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 05ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ශබ්ර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අමතරව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ ජයන්ත එදිරිසිංහ මහතාය.

2014 ඔක්තෝම්බර් පළමුවැනිදාත් දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළ රාජ්‍ය සේවකයින් වශයෙන් කටයුතු කරමින් රජයට පාඩු වනබව දනිමින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තියේ හතරවැනි සංවත්සරය සැමරම වෙනුවෙන්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් දැන්වීම් පළ කිමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව 2014 නොවැම්බර් 19 වැනිදා පළකළ සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් එකොළහක දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් 17,48,877/-ක පාඩු කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ටට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.



අදහස් (0)

අධිචෝදනා දුන් ලක්ෂමන්ට - ජයන්තට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site