
(ලක්මි කුඩලිගම)
අධිකරණ නියෝගයෙන් නිදහස ලැබූ වාසනා ඇත්පැටවා පෙරහරකින් නිවෙසට පැමිණියේය. ඇත් පැටවා පිළිගැනීමට මහා සංඝරත්න ඇතුළු පිරිස නිවෙස ඉදිරිපිට රැඳි සිටියහ. වාසනා හස්තියාගේ හිමිකරු වන දයානන්ද බෝම්බුවල යුවළ පෙරටු කර ගත් පෙලහරකින් හොරණ රැටියල නිවෙසට කැදවාගෙන ආහ.
එහි දී වාසනා ඇත් පැටවා මහ සංඝරත්නය වැඳ නමස්කාර කිරීමට විශේෂ සිද්ධියක් විය.
වසර 2016 දී යහපාලන රජය සමයේ නීතයානුකූල නොවන අයුරින් රදවා ගන්නා ලදැයි සැකපිට ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල හා ධනපතියන්ගේ නිවෙස් වල සිටි අලි ඇතුන් තිස්පහක් පමණ අධිකරණය නියෝග මත අත් අඩංගුවට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය යටතට පත්කරන ලදී.
පසුව සිදුකළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු හොරණ වාසනා දෙව්මිනි ඇතිනි පැටවා පෙරේදා (01) නිදහස ලබා තිබේ. නිදහස් කරගත් ඇතිනි පැටවා එහිදී වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සඳහන් කරසිටියෙ "අද නීතිය යුක්තිය ඉටුවූ දවසක් ලෙස ඉතිහාසය සදහන් වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑවල දුක් විඳින සියලු අලියන්ට නිදහස ලැබේවා...!
වාසනා කරපු වැරැද්ද මොකක්ද උසාවි යන්න? වාසනාට නිදහස ලැබෙන්න නම් අලි ඉන්න භූමියකට මුදාහරින්න ඕනෑ.
මේක ඇත්තටම අලියාගේ නිදහසද.?
ඕනෙම සතෙකුට උගේ නිජබිමේ නිදහසේ ඉන්න දෙන්න නැතුව ගෙවල්වල හදන එක වරදක් තමා. ඒත් මේ අලි පැටියා කැලේ හිටියානම් දඩයක්කරුවකුගේ වෙඩි පහරකට අසුවෙලා.
වාසනා නැවතත් වහල් හිමිකරු වෙතට?... පේනවනේ දාලා තියන මාංචු ගොඩ..., මෙතන බණ කියන ඇතැම් චීවරධාරීන්ට ඒවා පේන්නේ නැත්ද? සතුන්ටත් නිදහසේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා...
විකාර කතා... කකුල් වලට යදම් දමා ඔය දුන්නේ නිදහසද? ඔය අයිතිකරුගේ කකුල් වලට චේන් දාලා බැඳපු දවසට සතාගේ නිදහස තේරේවි...!
හරක් රැළක් අතර එක අලියෙක්...!
හොර අලි තියන් ඉන්න අයටයි, ඒවාට අනුග්‍රහ දෙන අයටයි... හෙනම ගහන්න ඕනෑ. අද දවස අලි ඇතුන්ට අයුක්තිය ඉටුවන කාලයක්...!
එතකොට වාසනාව ළඟ තියාගත්තු එක්කෙනා කවද්ද නිදහස ලැබුවේ...?
මලකෝලම්... මෝඩ මිනිස්සු ඉන්න රටක තමයි ඔහොම උත්සව සතෙකුට පවත්වන්නේ...!
දැන් මේ සතාගේ දෙමව්පියන් කොහේද කියලා උසාවියෙන් අහන්නේ නැද්ද?
අහිංසක සතුන් වහලුන්ට මුදාහැරීම නිවැරදි යැයි සිතා පිරිත් දෙසන මේ හාමුදුරුවරු බුදුපුතුන්නම් වෙන්න බෑ.