
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994 අතුරුදහන් කළේ යැයි කියන භාණ්ඩ භාරකරුට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.
විදෙස් මත්පැන් අතුරුදහන් කළ ගයාන් සම්පත් නමැති සැකකරු නඩු භාණ්ඩ වලට අදාල නඩු ගොනුව අතුරුදහන් කිරීමට ප්‍රයත්න දරා ඇති බවත්,ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ රෙජිස්ටර්වරයාගේ අත්සන් හා නිලමුද්‍රා ව්‍යාජව යොදා ගනිමින් නඩු භාණ්ඩ කාමරයට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ක් බර පාර්සලයක් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්දනාගාරගතව සිට ඇප ලැබූ පුද්ගලයකු වන අතර ඊට අදාළ නඩුව ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරු ලබන තිස් වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ විස්කි සිද්ධියේ තව අය සීටීනම් අල්ලන්න
අරවින්ද මොනරවිල Wednesday, 17 July 2024 09:57 AM
ට්‍රැක් ලන්තයේ අපූරු උසාවි තියෙන්නේ, ඔහොම යනකොට නඩු භාණ්ඩ විතරක් නොවෙයි නඩුකාරයොත් අතුරුදහන් උනා කිව්වත් පුදුම වෙන්න එපා. මම මේ කිව්වේ ට්‍රැක් ලන්තය ගැන හොදේ.