(සුජිත් හේවාජුලිගේ )
සමහර පොලිසි මත්ද්‍රව්‍ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත් කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන් බොරු නඩු දානවා යැයි ජනතාව නගන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පොලීසිය අනුගමනය කරන ක්‍රියා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා එල්ලවී ඇති බවද සඳහන් කළේය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
" ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලිස් වලින් සාම්පල 20- 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවකු ඉදිරිපත් කළත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරුවකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ.පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය කරන්නේ කුඩු ඇල්ලුවම කුඩුකාරයන්ගෙන් සල්ලි අරන් ඒ වෙනුවට වෙන මොනවා හරි දාන එක .ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක්
මාස 2-3 යනකොට මගඩි පගාවක් අරගෙන සාම්පල් මාරු කරනවද කියලා කවුද දන්නේ?රසපරීක්ෂක වාර්තා ඉක්මනින් දෙන්න ක්‍රමයක් හදන්න .එවිට රිමාන්ඩ් සිරකරුවන්ට කන්න බොන්න දෙමින් නඩත්තු කරන්න යන මුදල් ඉතුරුවෙනවා
ඔව් බන් උඹ ආයේ කවදාවත් රනිල්ගේ කැබිනට් එකක ඉන්නේ නෑ කිවුවේ දැන් ඔය ඉන්නේ ලස්සනට .ඒකත් මේ වගේ තමා
ඇමතියම ඔය ඇත්ත කියන්නේ. මුලින්ම රටේ පොලිසිය පුනරුත්ථාපනය කල යුතුයි.
රසපරික්ශක දෙපාර්තමෙන්තුව නවිකරනය කරන්න , වෙනත් රජයෙ අයතනවල නිකරුනෙ කල් මරන නිලදාරින් මෙකට අනුයුක්ත කරන්න , රසපරිකශක වාර්තා දවසෙන් දෙකෙන් දෙන්න කටයුතු කරන්න , සාම්පල් පරික්ශා කරන්න මාස 2-3 යනකොට සංයුතිය වෙනස් වෙනව, නිකරුනේ රිමාන්ඩ් සිරකරුවො නඩ්ඩත්තු කරන එක අඩු කලොත් වියදම් කපාහරින්න පුලුවන්, මානුශික පැත්තෙන් බැලුවත් සාදාරණය.
ඇත්ත කතා කිරීමට ඔබට හොඳ කොන්දක් තිබීම ගැන සතුටු වෙමි. අවශ්‍ය ප්‍රතිසන්ස්කරන මගින් දූශිත නිලදාරින්ට දේසපාලුවන්ගෙ, ගජ මිතුරන්ගෙ නියාය පත්‍ර වලට වැඩ කිරීමට තිබෙන මාර්ගයන් ඉක්මනින් අහුරවා විනිවිද භාවයකින් නීතිගරුක පුද්ගලයිට සාමයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමට ඉඩ සලසා දෙන්න.
මුලින්ම දූසිත පොලිස්පඅති අයින් කල යුතුයි දෙපාර්තමේන්තුව කනවා. රත්තරන් තබක්ක කරලා වැරදි කරුවන්වෙච්ච oic, Asp, Sp වුනේ කොහොමද sp ඉන්නේ මීගමුවේ දේසබන්දු මහතාටත් කිවා වැඩක් වුයේ නැත .මෙන්න පොලිසියේ තත්වය. පොලිස් කොමිසමෙනුත් කියනවා අගතියක් වී ඇතිබවට. නමුත් පොලිස්පති නිදි රට හදන්න නම් මොවුන් එලවා නවකයින්ට තැන දෙන්න.
දෙහි නොවෙයි කපන්න ඕනේ ජම්බෝල....