(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව අද (22) දිනයේ ද අපහසුතාවට පත්වූහ.

ලිට්‍රෝ ගෑස් අළෙවිසල් ඉදිරිපිට ඊයේ අළුයම පහේ පමණ සිට ජනතාව පෝලිම්වල රැදිසිටි අතර ජනතාවට ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට පැය පහකට අධික කාලයක් පෝලිමේ රැදී සිටීමට සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ නගර සීමාවේ ලිට්‍රෝ ගෑස් අළෙවිසල් ඉදිරිපිට මීටර 200 ත් 300 ත් අතර දුරක් විහිදුණු පෝලිම් දැකිය හැකි වූ අතර ඒ අතර කාන්තාවන් ද සිටීම කැපී පෙනුණි.

ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පැවසුවේ ප්‍රමාණවත් සැපයුමක් නොලැබීම හේතුවෙන් ප්‍රමුඛතාව මත ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබාදීමට සිදුවී ඇති බවත් සැපයුම නිසිපරිදි ලැබෙන්නේ නම් බෙදාහැරීමට සූදානම් බවත්ය.

(ඡායාරුපය: ශාන්ත රත්නායක, ගයාන් අමරසේකර)