(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .
කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .
ඇමති ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි
ramani Monday, 19 July 2021 08:08 AM
සාගර ඔබ කොහිද?
කිරි පුතා Monday, 19 July 2021 10:17 AM
රටේ දහසකුත් ප්‍රශ්න තිබියදී විපක්ෂය විහිළු කරලා කාලය නාස්ති කරනවා. වැදගත් වැඩක් කරන පාටකුත් වැදගත් දෙයක් කියන පාටකුත් නෑ.
මංජුල milano Monday, 19 July 2021 01:24 PM
දැන් එතොකොට වැඩ කරන්න ඕනෙ විපක්ෂයද?
සියේට තුනMonday, 19 July 2021 02:19 PM
නොකෙරෙන සහ නොදිනන විහිළු, විශ්වාස භංග ගේන්නේ නැතුව හිටියා නම් හොඳයි. මේ විශ්වාස භංගය නිසා ආණ්ඩුවේ එකමුතුකම පේන එක විතරයි වෙන්නේ. මේ ගොල්ල ආණ්ඩුවේ හිටියා නම් මිල වැඩිකරන්නේ නැද්ද? මිල වැඩි නොකරනවා කියන්නේ සහන දෙනවා සහ ඒ් සමගම ණය වැඩිවෙනවා කියන එක නේද?
Kumara Monday, 19 July 2021 02:23 PM
දැන් තමයි දියවන්නාවට භූමි කම්පාවක් ඕනේ...
Rata Perata Monday, 19 July 2021 04:02 PM
ඔය පොහොට්ටුවන්ට එන්න කියලා නීති දාන්න ඕන නෑ. කොහොමත් එනවා...