(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල, ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි හා සෙසු ප්‍රදේශවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
නැගෙනහිර හා ඌව පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd