(ඩයනා උදයංගනී)

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.