IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අද රෑ නවතින දුම්රිය

(ප්‍රසාද් රුක්මල් ) 

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ  කොටුව සිට බදුල්ල බලා රාත්‍රී  ධාවනය වීමට නියමිත ව තිබූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රී  තැපැල් දුම්රිය,කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6079 මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6080 දරන මීනගයා රාත්‍රී  නගරාන්තර දුම්රිය, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7083 දරන රාත්‍රි තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7084 දරන රාත්‍රී  තැපැල් දුම්රිය  සහ කොළඹ කොටුව සිට රබුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1144 දරන රාත්‍රී  දුම්රියන් වල ගමන් වාර මෙසේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ  සංගමයේ  ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.පී.ජයසුන්දර මහතා සදහන් කළේය.

කලක් තිස්සේ පැවත එන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදීමට රජය මෙතෙක් ක්‍රියා කර නොමැති නිසාවෙන්  දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ගැටලු වලට වහාම විසදුම් ලබා දෙන ලෙසත් කඩිනමින් විසදුම් නොලැබුනොත් මෙම වැඩ වර්ජනය දිගටම කරගෙන යන බවද  හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

අද රෑ නවතින දුම්රිය

Prabha Tuesday, 09 July 2024 09:14 PM

මුන් නම් පුදුම කරුමයක්

:       0       0

de silva Tuesday, 09 July 2024 09:15 PM

දුම්රිය එක්කෝ පීලි පැනල , එහෙම නැතිනම් රියදුරු වර්ජන , නඩත්තු සේවක වර්ජන , ස්ථානාධිපති වර්ජන නිසා මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ , කරුණාකර දුම්රිය පරිපාලනය පමණක් (දේපල අයිතිය රජය යටතේ තබාගෙන ) වසර 5-10 කට පුද්ගලික අංශයට පවරන්න , වර්ජන කරන අය ඔක්කොම එලියට දමල අලුතෙන් සේවකයෝ අරන් මේක ක්‍රම ක්‍රමයෙන් ,ප්‍රතිව්‍යුහගත කරගන්න , සති 2 දුම්රිය දිව්වේ නැත කියල විශාල ප්‍රශ්නයක් නැහැ . මේ විදියට නිද්‍රාශීලී ලෙස දුම්රිය ධාවනය වන නිසා , දුම්රිය අද වෙලාවට ඒවිද නැද්ද කියල දන්නේ නැති නිසා මිනිස්සු මේක භාවිත කරන්න පස්ස ගහනවා , හොඳ සේවයක් මිනිස්සුන්ට දෙන්න මිනිස්සු ඒවි , ආදායම වැඩිවේවි , ඊට පස්සේ පුළුවන් පඩි වැඩිවීම් ගැන කතා කරන්න

:       0       0

Casmir Tuesday, 09 July 2024 09:52 PM

CGR එකේ ඉන්නේ රටෙ කරුමෙට උපන් Team එකක්. මුන් කවදද වැඩ.... හැමදාම Strike.. strike.. strike...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site