
පාසල් ඇරපු හන්දා
අම්මා මාව පාසලට ආවා කැන්දා
ගුරුවරු නොමැති හන්දා
පොලිස් මාමේ දෙපා වැන්දා
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට වාර්තා නොකිරීම හේතුවෙන් සෑම පන්ති කාමරයක්ම ඉබි යතුරු දමා වසා දමා තිබෙන අයුුුරු දක්නට ලැබිණි. ඒබැවින් පාසල් පැමිණි දරුවන්ට ගස් සෙවණේ සිටීමට සිදුවිය.
දරුවන් මව්පියන්ගේ දෙපා වැඳ පාසැලට පැමිණෙද්දී තවත් දෙමව්පියන් පිරිසක් මල් කළඹ ලබා දී දරුවන් පිළිගත්තද ගුරුවරුන් පාසලට පැමිණ නොසිටීම හේතුවෙන් පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේගේ දෙපා වැද දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකිවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සර් දන්නවා ගුරුවරුන් නැතුව පාසැල් පවත්වන ක්‍රමවේදය
අනවශ්‍ය අයට අනවශ්‍ය විදියට වදින්න පුරුදු කරන්න එපා.
එන්නෙ නෑ කියල දැනුම් දීල තියෙද්දි ආණ්ඩුව විස්වාස කරල එවල තියෙන්නෙ. රචනා ලියල වැඩක් නෑ ඉතින්
ඔළුවට අත හෝදවගන්න පොඩි කාලෙම පුරුදු කරන දිනය ආණ්ඩුවෙන්
නොපැමිණි ගුරුවරුන්ගේ වැඩ තහනම් කරව් .නවක උපාධිධාරීන් බඳවා ගෙන පාසැල් කරගෙන යන්න ජනතාව ගේ සුභ පැතුම් රජයට
" වසංගතේ පැතිරුණි රට සැම තැනම ... පාසල් වසා තිබුණා මේ වෙන තුරුම ... ගුරුදෙවි, රජය සටනට නිති වෙර දැරුම ... අවසන් වෙලා අපහට ලැබදෙනු දැනුම ... "
පඩියම බලාගෙන වැඩ කරන අයට වඩා රාජකාරියට බැඳී සිටින පොලිස් නිලධාරියෙකුට වඳින එක වටිනවා
අලුගෝසුවන් ගුරු සේවයට ගියාම ඔහොම තමා. නොදන්වා සේවයට නොපැමිණීම මත වැඩ තහනම් කරනු
පොලිසිය වැඩක් නැති බව දැනෙන්නේ නුගත් කුඩු කාරයන්ට මිසක් සමාජ පුරවැසියෙක් එහෙම හිතන්නේ නැහැ .මෙහෙම කියන නුගත්තු මොකක් හරි උනාම දුවන්නේ පොලිසියට
ඇත්තටම එයාල කාලකණ්ණි ගුරුවරු . එයාලට එක්කො ළමයි නැහැ . නැත්නම් ඉන්න අය දඩාවතේ යනව. දරු දුක දන්නා ගුරුවරු අද වැඩ. මාස 6ක් පිංපඩි අරගෙන ඒවයින් බත් කෑවද.
ගුරු ගෞරවය නැතිකරගෙන ඇත්තේ ගරුවරුන් විසින්මයි කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අනාගතයට අත්වී ඇති ඉරණම ගැන අකුරුවලින් ලියන්නට බැරි තරම් කණගාටුවක් දැනෙයි මහජනතාවගේ මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් හැමෝම මේ ගැන සිතා බැලිය යුතුයි. එහෙම කරන අයගේ පෞද්ගලික ජීවිත අවුල් වෙලා ඒ තමයි කරපු පවු පලදීම.
ගුරාලට තවදුරටත් වැඳීම අවශ්‍ය නැති බව ළමුන්ටත් සිතෙනවා ඇති
ඔබට බුද්ධියක් ඇත්නම් මෙම අවස්ථාවට ගලපා ගැනීමට හැකියැයි විශ්වාස කරමින් වැඩිදුර පැහැදිලි කිරීම් නොකරමි.
අපිට දරුවන් පාසැල්, විශ්වවිද්‍යාල යවන්න ඕනේ නැහැ. අපිට ඕනේ එයාල අපේ පන්ති පහට එනවට. එතන තමයි සියලුම දැනුම තියෙන්නේ.
මොන තරම් අප්‍රසන්න දර්ශනයක්ද මේ කුඩා දරුවෙකු පොලිස්කාරයෙකුට වඳින එක. දේශපාලකයන්ට වැඳීමද වහාම නතර කලයුතුය. පාසල් දරුවකු තම දෙමාපියන්ට හෝ බුද්ධාගමේ නම් හාමුදුරු කෙනෙකුට හැර වෙනත් කිසිවකුට වැඳිය යුතු නැත. මෙවැනි පහත් වැඳීම් වලින් සිදු වනුයේ කුඩා කලදීම ලමයාගේ කොන්ද කඩා, පෞර්ශයක් නැති නිවටයකු බවට පත් කිරීමයි.
මේ තරම් විනාශයක් රටට වෙද්දීත් තවමත් රස කර කර ආණ්ඩුවේ කුණු ඉඳුල් ලෙවකන වහල්ලු සිටිනවානම් මේ රටට ලොකු අභාග්‍යක්
මෙම පින්තූර දුටු විට එය දශක ගණනාවක අතීත ඉතිහාසය සිහිපත් කළේය. එක්තරා කාලයක මම ගමේ පිටිසර ගමක ඉතා දුප්පත් පාසලක ඉගෙනුම ලබමින් සිටියෙමි. ගුරුවරුන් සමඟ අප දෙමාපියන්ට නොදෙවෙනි සබඳතාවක් පැවැත්වූ අතර එය අප අද සිටින තත්ත්වයට පත් කළේය. මම තවදුරටත් ශ්‍රී ලංකාවේ නොසිටියත්, අපේ රටේ අධ්‍යාපනය සහ නොමඟ යවන අධ්‍යාපන ක්‍රමය ගැන මට ඇත්තේ දැඩි කණගාටුවකි. නිදහස් අධ්‍යාපනය යනුවෙන් කිසිවක් නොමැති අතර දෙමව්පියන් සැම විටම සිතිය යුත්තේ "අධ්‍යාපනයක් නැත්නම් අනාගතයක් නැත" යන්නයි.
වැරදි ප්‍රමුඛතාවයක්!