
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙනන සිටියදී හිටි හැටියේ අතුරුදහන් වූ 22 හැවිරිදි පලස්තීන ජාතික තරුණයා පැය 12 කට පමණ පසු සොයා ගත් බව බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව සිට ඇත්තේ අල්බාර් මොනින් සිබී නැමැති තරුණයෙකි.
එම තරුණයා ඔහුගේ මාපියන් සමඟ ඉකුත් 05 වෙනිදින සංචාරක වීසා මත මෙරටට පැමිණ බම්බලපිටිය පොලිස් වසමේ හේක් පාරේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටියදී පෙරේදා අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා විසින් පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
අදාළ තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දිවයිනේ අනිකුත් පොලිසි වලටද පොලිස් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම තරුණයා බම්බලපිටිය ගාලු පාරේ වජිර පාර හන්දිය ප්‍රදේශයේ රැඳී සිටියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd