IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි විෂය උගන්වන පනස් දෙහැවිරිදි ගුරුවරයකු සහ අවුරුදු හතළිස් දෙකක් වයසැති නියෝජ්‍ය විදුහල්පතිවරියයි.

බරපතළ අපයෝජනයකට ලක්වූයේයැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇත.

අවුරුදු දොළහක් වයසැති සිසුවිය ගුරු විවේකාගාරයට කැඳවා සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි මහවෙල පොලිසිය කියයි.

සිසුවිය තමාට සිදුවූ අතවරය ගැන ඇය සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකට පැවැසීමෙන් පසු දෙදෙනාම ගොස් මෙය ගුරු උපදේශකවරියකට දැනුම් දීමෙන් පසු ඇය මෙය පන්තිභාර ගුරුවරියට පවසන ලෙසට උපදෙස් දී ඇතැයි පොලිසිය කියයි.

මේ බව ඇයට දැනුම්දීමෙන් පසු සිසුවියට මේ ගැන විදුහල්පතිවරයාට දැනුම් දෙන ලෙස උපදෙස් තිබේ.

මිතුරිය සමග විදුහල්පති නිල කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා නිවාඩු ලබාගෙන සිටි නිසා වැඩ බැලීම සඳහා පත්කර සිටි නියෝජ්‍ය විදුහල්පතිවරියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කීය.

නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇයට මේ මේ බව මව්පියන්ට හෝ වෙනත් කිසිවකුට නොකියන ලෙසත් එසේ කීවොත් පාසලෙන් අස් කරන බවටත් තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (7)

අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට

Chandanie Friday, 16 August 2024 05:08 AM

හැම ගැහැනියක්ම රැජිනක් කිව්වට මේ නියෝජ්‍ය විදුහල්පති ගැහැනියක් කියන්න බැහැ .පාසලේ පාලනය හරියාකාරව කරන්න බැරිවුනොත් තොරතුරු සගවා පාසලේ බම්බුව රැක ගන්න තමයි උත්සාහ කරන්නෙ. කොහොම වුනත් සුදුස්සාට සුදුසු තැන නොදෙන තත්වයක් යටතේ විදුහල්පතිට අවශ්‍ය අයව නියෝජ්‍ය හා සහකාර විදුහල්පති කිරීමේ විපාක . මෙහෙම දේවල් වෙනවා නම් එම පාසල් තත්වයෙන් පහල දැමීමට ක්‍රමයක් නොපමාව සකසන්න ඕන

:       0       17

ජයනාත් Friday, 16 August 2024 06:01 AM

රස්සාව කරන්න ඕන නිසා ගුරු වෘත්තීය තෝරගෙන පාසල් වලට ආවම මෙවැනි දේ වෙනව. ගුරු වෘත්තීය හෑල්ලුවට ලක් කරල. කිසිදු වෘත්තිය ආකල්පය ක් නැහැ . අධ්‍යාපන පද්ධතිය විනාශ කරමින් ඉන්න මෙවැනි අය ගුරු වෘත්තීය ට නිගාවක්. වහාම විනය පරීක්ෂා තියලපන්නල දාන්න .

:       0       15

NWS KUMARA Friday, 16 August 2024 07:29 AM

මෙවැනි අය ගුරුවරු යන නමටත් කැළලක් .මෙයාලා තමයි සටන් කරන්නේ පෙළපාලිවල

:       0       10

Pradeep Kumara Friday, 16 August 2024 08:41 AM

මෙවුන් ඇත්තටම ගුරුවරු ද නැත්නම් මානසික ලෙඩ්ඩුද? මේ කියන ගුරුවරයාට ඔය වයසේ දරුවොත් ඇති. මේ වගේ එවුන්ට තමන්ගේ දරුවෙක් වුණත් කෙලෙසන්න පුළුවන්. දැඩි දඬුවම් දෙන්න ඕන අනිත් වුන්ටත් හැදෙන්න. මෙහෙම බලද්දී අපේ කාලේ හිටපු ගුරුවරු, ගුරුවරු නෙමෙයි ගුරු දෙවිවරු.

:       0       5

මොහොට්ටාල Friday, 16 August 2024 10:35 AM

දරුවන් යහමගට ගන්න බලය ලත් ගුරුවරියක් දැරියන් අපයෝජනයට අනුබල දෙනවා නම් තොරතුරු වසන් කරනවා නම් පිරිමි ගැන කවර කතාද .ඇත්තටම දැන් කාලයේ රාජ්‍ය සේවයේ විනයානුකූලව කටයුතු කෙරෙන්නේ නැද්ද. වර්තමානයේ රජයේ සේවය සදහා බදවාගැනීම් කරන අවස්ථාවල විධිමත් පුහුණුවක් (ඉගැන්වීම ගැන නොවෙයි ආකල්ප ,කුසලතා හා පත්වීම් ලිපියේ කොන්දේසි ගැනවත් විධිමත් පුහුණුවක් )නොදීමේ විපාක තමයි මෙයින් පේන්නෙ

:       0       13

ලසන්ත Friday, 16 August 2024 10:48 AM

මෙතනින් අතනට, එතනින් වෙනතැනකට, කී තැනකදී ශාරීරිකව මනසිකව අපයෝජනයට ලක්වෙනවද? පාසැලත් මේ වගේ අනාරක්ෂිත ස්ථානයක් නම් තව මොන කතාද? වෙන හැමදේටම කළින් මේ පරිපාලකයන්ට, ගුරුවරුන්ට නීතිය උගන්වන්න වෙනවා.

:       0       14

Amara Friday, 16 August 2024 11:02 AM

ඇයි මේවට සම්බන්ධවෙන ගුරුවරුන්ව සේවයෙන් නෙරපලා මාධ්‍ය නිවේදනයකින් පවුල් වරිග හරතරටම දැනුම්දෙන්න ක්‍රමයක් නැත්තෙ? අධ්‍යාපන බලධාරීන්ට කොන්ද පණ නෑ. වෙන රටවල නම් ‌මේ වගේ අයට ආය රස්සාවක් ලැබෙන්නෙ නෑ.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site