(ඉන්දිකා  රාමනායක)

15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවකු  පොලිසිය තුළ  හැට්ට කටු දෙකක් ගිල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොතුපිටිය පොලීසිය පවසයි.

මෙම සැකකරු  අනියම් බිරිඳගේ දියණියට ලිංගික අතවර කළ බව කියන පැමිණිල්ලකට අනුව  ඊයේ (6) දෙපාර්ශවය  පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කළ බව පොලිසිය කියයි.

පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සැකකරු චෝදනාගාරය  අසල රඳවා සිටියදී  ඔහු සිත් තැවුලට පත්ව මෙලෙස හැට්ට කටු දෙකක් ගිල දමා ඇති බව පොලිසිය පවසයි.