
(සිතුම් චතුරංග)
වවුනියාව සේමමඩු හි රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූ වනජීවි නිලධාරියාගේ සිරුර අද (15) සේමමඩු අැළ මාර්ගයේ තිබී සොයාගෙන අැතැයි ඕමන්ත පොලිසිය කියයි.
අලිවැට පරීක්ෂා කිරීමේ කටයුතු සදහා අනුයුක්තකර සිටි වනජිවි නිලධාරියකු ඊයේ (14) අතුරුදන්ව අැති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් අැත්තේ වවුනියාව මහරම්භකුලම් පදිංචි සදාසිවම් නිරංජන් නැමති වයස අවුරුදු 30ක වනජීවි බහුකාර්ය නිලධාරියකි.
අතුරුදන්වු නිලධාරියා අලිවැට පරීක්ෂා කිරීමේ කටයුතු වලදී සේමමඩු අැළමාර්ගයට තමාගේ පාවහන් වැටී අැති බවත් එය රැගෙන එ‍්මට යන බව සෙසු නිලධාරියාට පවසා කැළැව සහිත ප්‍රදේශයට ගොස් අැති බවද පොලිසිය පැවසීය. අනතුරුව එම නිලධාරියා අතුරුදන්ව අැති අතර පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අද(15) අැළ මාර්ගය සෝදිසිකරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd