(ඩයනා උදයංගනී)

අතුරුදන් වූවන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අතුරුදන් වූ අයගේ ළඟම ඥාතියාට එක්වරක් පමණක් ගෙවන මෙම දීමනාව හිමිවේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.