
(ගයාන් සූරියආරච්චි, ලක්මි කුඩලිගම, සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී සොයාගත් බව බුලත්සිංහ පොලිසිය පවසයි.
අතුරැගිරිය ඔර්ලෝසු කණුව ප්‍රදේශයේ ටැටූ ආයතනයට ටී 56 ගිනි අවි දෙකක් සමග පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු පිරිසට වෙඩි ප්‍රහාර 27 ක් පමණ තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පලා යන අතර පසුව කඩුවෙළ කොරතොට ප්‍රදේශයේදී වෑන් රථයක නැගී පලා ගොස් තිබුණි.
අනතුරුව සැකකරුවන් එම වෑන් රථයෙන් තවත් මෝටර් රථයකට මාරු වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරුවන් පැමිණි කාර් රථය එකළැස් කළ රථයක් බව ද පොලිසිය කීය.
කෙසේ වෙතත් සැකකරුවන් පලා ගිය වෑන් රථය බුලත්සිංහ පොලිස් වසමේ අතහැර දමා ගොස් තිබියදී බුලත්සිංහල පොලිසිය සොයා ගත්තේය.
බුලත්සිංහ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?