(එස්.ඩී. කොඩිකාර )
කොටපොළ සතොසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු අද (26) හෘදයාබාධයකින් මියගිය බව කොස්මෝදර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මගහේන ,කොටපොළ ,ගල්දොල පදිංචි (69) හැවිරිදි රණවක අමරදාස නමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මොහු අද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොටපොල සතොසට යතුරුපැදියකින් පැමිණ ඇති අතර මොහු මුඛ ආවරණයක් පැළඳ නොසිටි හෙයින් පොලිස් නිලධාරීන් ඔහුට මුඛ ආවරණයක්ද ලබාදී එය පැළද භාණ්ඩ මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
භාණ්ඩ මිලදී ගැනීමට පෝලිමට යාමටත් පෙර යතුරුපැදිත් සමග ඔහු බිම වැටී ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථයක නංවා රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඒ වනවිටත් ඔහු මියගිය බව දෙනියාය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 නොවැම්බර් මස 17
51
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආ පුද්ගලයෙක් මරුට
ලක්ස්මන් Thursday, 26 March 2020 12:46 PM
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් තවත් ඉහලම නිලධාරීන් කීපදෙනෙකුත් මුඛ ආවරණ පැළඳම අවශ්‍යම නොවන බව ප්‍රකාශකර ඇතත් සමහරක් පළාත් පාලන සභාපතිලාත් පොලිස් නිලධාරීනුත් මුඛ ආවරණ පැළඳමට බලකරන බවක් පුවත් මගින් අසන්නට හා දකින්නට ලැබේ. නමුත් වයස්ගතවූ සමහර කෙනෙකුට කලාතුරකින් මුඛ ආවරණය පැළඳ සිටීමේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය. මේ ගැන අවධානය යොමුවීම සුදුසුය.
ලක්ෂ්මන් Thursday, 26 March 2020 12:54 PM
පව් අප්පා... වයසක අයට භාණ්ඩ මිළට ගැනීමට නගරයට නොයන්න කියා තිබියදීත් මොහු යන්න ඇත්තේ වෙනත් කෙනෙකු නොසිටි නිසා වෙන්න ඇති...