
(ගයාන් සූරිය ආරච්චි)
බද්දේගම ප්‍රවේශයේදී තිරෝධයකින් ගමන් කළ "කළු නෝනි" නැමති කාන්තාව ඇතුළු තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේපදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් සහ මිල ග්‍රෑම් 100ක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd