
(ටී.කේ.ජී.කපිල)
රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් " අයිස් " මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
සැකකරු රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඕමානයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ආ බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
" අයිස් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 ග්‍රෑම් 994 ක ප්‍රමාණය , පාර්සල් 10 ක් ලෙස සකස් කර ගමන් මල්ල තුළ වූ බිස්කට් සහ චොකලට් අඩංගු පෙට්ටි තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීවරුන්ගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරු මත , මෙම ගුවන් මගියා , ගුවන් තොටුපොළ තුළ දී හදුනා ගෙන , මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd