(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (5) පස්වරුවේ පැවසීය.
අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්ය බාරය අවශ්‍ය නොවන බව රජය තීරණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ එම නීතිය රජය මාසයකට පමණක් සම්මත කළ එකක් බවය.
කොරෝනා පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ, ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය සහ වතුර බෝතල්වලට පනවා ඇති පාලන මිල හතර පමණක් මේ වන විට පවතින බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සීනි කිලෝවක් රුපියල් 150 ට වැඩියෙන් මොනම ආකාරයකටවත් විකිණීමට නොදෙන බව ද සඳහන් කළේය.
සීනි කිලෝවක් රුපියල් 138 කට තොග නිකුත් කර රුපියල් 145 ත් 150 ත් අතර සිල්ලර අළෙවි වන බවත් ඊට වඩා වැඩියෙන් සීනි අළෙවි කරන්නේ නම් පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවත් අමාත්‍ය අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.
පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹදී අද (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිදුවන සිද්ධි අනුව පාරිභෝගික ඇමති කෙනෙක් හා වෙළඳ ඇමතියෙකුත් අවශ්‍ය නැහැ නේද ජනතා මුදල් කාබාසිනියා නොකර යන්නකෝ.
අතවශ්‍ය සේවා කොමසාරිස්තුමා හොඳ සේවාවක් ඉටු කළා. ඇමතිතුමාගේ අදහස හොඳයි.
ඊළඟ ගැසට් එකෙන් අමතිදුර දෙකත් අහෝසි කලානම් රජයට මාසෙකට ලොකු ගානක් ඉතුරුකරගන්න පුළුවන්.
දිනෙන් දින විකිණිය හැකි උපරිම මිල ඉහල දැමීමෙන් ඊට වඩා වැඩි මිලට විකිණිය නොහැකි බව කීමෙන් පාරිභෝගිකයාට ඇති පලය කියන්න. ඔබ තුමාගේ විතරක් නෙවෙයි, ඔය තියෙන අමාත්‍යාංශ විසුරුවා හැරලා ඒවාට යන වියදම පාරිභෝගිකයා ට දීමෙන් විශාල සහනයක් දිය හැකි වේවි.
ඇමතිලා දෙන්නගේ සේවයත් අවසන් කලානම්.
ගානට වැඩේ දෙන්නයි යන්නේ දුප්පත් මිනිස්සු මේ රට හැර කොහේ යන්ඩ පුළුවන් අයද.?
පාරිභෝගිකයා ආරක්ෂා නොකරන ඇමතිතුමාගේ සේවයත් අවසන් කළා නම් රටට තවත් අර්ථික වශයෙන් සහනයක් ලැබේවි.
නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. අතවශ්‍ය භාණ්ඩ වල හිගය තවමත් පවතී.
ව්‍යාපාරිකයින් ආරක්ෂක්ෂා කිරීමේ රාජ්‍ය අමාත්‍ය වරයාණෙනි.., අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්ගෙන් සිදු වූ කාර්ය භාරය කුමක්ද? අපිට දකින්න ලැබුනේ සතොස ලොරි විශාල ප්‍රමාණයක් පොලොන්නරුව දිහාවට ගිහින් ලොරි පහක පමණ වී රැගෙන ආ ආකාරයක් පමණි. මෙම කොමසාරිස් ජනරාල් සඳහා වැය කළ මුදලත් ජනතාවගේ මුදල් අපතේ යාමකි.