
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
චීනය ලබාදුන් ඇමරිකානු ඩොලර් කෝටි තුනක මුදල යොදාගෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් මිලදී ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇමතිවරයා මෙසේ පැවසූවේ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගිය 24 වෙනිදා ප්‍රශ්න නැඟු අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද දැන් මේ හිඟය නැත්තේ? රාජපක්ෂලාටද? නැතිනම් පොහොට්ටුවටද?
බොරුමයි කියන්නේ... කතාකරන්නේ හීනෙන්ද කොහේද? ලෙඩ්ඩුන්ට ඕන කිසිම බෙහෙතක් නෑ...
ඉස්පිරිතාලයකට ගිහින් එතන ඉන්න දොස්තරලා, නර්ස්ලාට කතා කරාම තමයි තේරෙන්නේ මෙයාලා මේ කියන්නේ මෞන්ට් එළිසබෙත් ගැන කියලා...
ජනෙල්වලින් පනින හැටි ගැන මෙයාගෙන් අහන්න. මෙයා හිතන්නේ අත්‍යාවශ්‍ය කියන්නේ පැනඩෝල් කියලා... මේ වගේ අයට ඡන්දෙ දුන් අය දැන්වත් ඔලුව අතගාලා බලන්න.
ඇසේ තිබෙන අධික පීඩනයට දෙන අත්‍යාවශ්‍ය ඖෂධ අපේ නගරයේ සහ යාබද නගරවල ඖෂධහල්වල මසක පමණ කල් සිට ඇත්තේම නැත... රජයේ රෝහල් ගැන කවර කතාද?
මේ පවුකාරයින් බොරු බේගල් කියලා කේන්ති ගස්සවන්නේ ඇයි?
රනිල් සහ මේ කාලකණ්ණි ආණ්ඩුවට නම් සොබාදහමින් පඩිසන් ලැබෙන්න ඕනෑ...
බොරු බේගල් ගහලා තමා පොහොට්ටුවෙ උන් ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කෙරුවේ .තමුන්ට මොනව කියන්ඩ බැරිද,මොනවයින් කියලා අඩුවක්ද ? හරිනම් කරන්ඩ ඕනේ රෝහල්වල බෙහෙත් තියෙනවද නැද්ද කියලා ගිහින් හොයලා බලන එක. නිකම් කයිවාරු ගැහැව්වාට වැඩක් නැහැ .
ඈ බොල ග්ලුකෝමා වලට දිනපතා ඇසට දැමිය යුතු බෙහෙත් කොහෙවත් හොයා ගන්න නැත. මේකා මේ මොනවද දොඩවන්නේ?