
(ඩයනා උදයංගනී)
සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව සඳහන්ය.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය, 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය, බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.
කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් 2017 වසරේ දෙසැම්බර් 06 වන දින ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය, එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය, 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය මෙන්ම මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සේරම පාලනයෙන් ඉවතට...
විපක්ෂයට බනිමින් මේකෙ කොටන බමුණුආරච්චිගේ අභිමතාර්ථ සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ඉටුවන බව පෙනේ
ආනයන කරුවන් සහ වෙළෙඳුන් හරි කැමති ඇති ඔවුන්ගේ රජෙය් ක්‍රියා පිළිවෙතට
මේ ජනාධිපති සහ ආණ්ඩුව දැන් හරියට නූල් කැඩිච්ච සරුංගල් වගේ වුනා. දැන් ආණ්ඩුවේ පාලනයෙන් සියලු දේ ගිලිහී ගිහින්. ඉතින් කියනවා මෙයාලාලු යුද්ධය නිම කලේ.
දැන් මේ රටේ තියෙන්නේ තනි අරාජකත්වයක්. එක එකා තම තමන්ට ඕන විදියට පිස්සු කෙලින තත්වයක් තමා රටේ තියෙන්නේ. එහෙන් රටේ උඩ පුටුවල ඉන්න සිහි විකල් වූ මහල්ලන් රැල තව තවත් රට ආගාධයට ඇද දමනවා.
මිල පාලනය ඉවත් කිරීමෙන් ව්‍යාපාරිකයින්ට හෝ වෙළෙඳුන්ට හානියක් නොවන මුත් පාරිභෝගික ජනතාවට සිදුව ඇත්තේ විශාල හානියකි. සියල්ල අතහැර ව්‍යාපාරිකයින්ට අවශ්‍ය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩදීම තුලින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අපැහැදිලිය. රටේ ජනතාවට සිදුව ඇත්තේ සිදු වන දේවල් දෙස බලා සිටීම පමණි.
ලංකාවත් දැන් පාලනයෙන් ගිලිහුන ගුවන් යානයක් වගෙයි. කැරකි කැරකි කඩා වැටෙන ගමනක තියෙන්නේ
ආණ්ඩුවක් මොකටද සේරම වෙළෙන්දන්ට බාර දීලා කට්ටිය හිටපු දිහාවටම ගියානම් හොදයි නේද
ඔන්න දැන් තමයි නියම පාරට වැටුනේ. නරින්ට කුකුල්ලු භාර දීලා වගේ. ඔහොම යමු ගරු පොහොට්ටු පාලකයිනි
ඊළඟ සැරෙත් මෙයාලටම ඡන්දෙ දෙමු.