
(තිලකරත්න දිසානායක)
ගම්පහ - මිනුවන්ගොඩ නව මාර්ග හරහා ගම්පහ නගරය ආසාන්නයෙන් ගලා බසින අත්තනගලු ඔයෙහි අඩි 15 ක් පමණ දිගින් යුත් සුදු පැහැති විශාල කිඹුලකු රැදී සිටි ආකාරයක් දිස්විය.
කිඹුලා දැක ගැනීම පිනිස විශාල පිරිසක් පැමිණ සිටි අතර බොහෝ දෙනකු පවසා සිටියේ මෙතරම් විශාල කිඹුලකු කිසිම දිනෙක දැක නැති බවය.
මෙම කිඹුලා කිසියම් ගොදුරක් ගිල දැමීමෙන් පසුව මෙලෙස සිටිතැයි සිතිය හැකි බව එහි පැමිණ සිටියවුන් පැවසූ අතර මෙම කිඹුලාගෙන් හානිකර තත්ත්වයක් ඇති විය හැකි බැවින් වෙනත් සුදුසු ප්රදේශයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගත යුතුව ඇති බවද කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකව අල්ලලා දියවන්නා ඔයාට දැම්මොත් නම් ,පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න බඩ තඩියෝ ආහාරයට ගෙන මේකට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි
රටම ගිලින කිඹුල් පවුලක්ම ඉන්නවා. මිනිස්සු හිතන් ඉන්නෙ ඒ අය තමයි එකම ගැලවුම්කාරයො කියල...
වටේ ඉන්න ඔක්කොම කාලා දාන එකක් නැති වෙයිද?
ගමේ හිටිය මිනිස්සු ඔක්කොම තවම ඉන්නවද කියල හොයල බැලුවද?
ඕකව අල්ලලා ජනතාවගේ දහඩිය,මහන්සිය ,ලේ උරාබීපු මාපිල්ලු ඉන්න මැදමුලනේට ගිහින් දාන්ඩ කව්රුත් නැද්දෝ?