IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අතේ මහ ලේකම්කමට ලොකු තරගයක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර මේ සඳහා දැඩි උනන්දුවක් ඇති වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

මේ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.

සරත් ඒකනායක මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ම නියෝජ්‍ය ලේකම්වරයා වන අතර,ඔහු මීට පෙර ද පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස කටයුතු කළේය.

 



අදහස් (2)

අතේ මහ ලේකම්කමට ලොකු තරගයක්

විජය Sunday, 17 September 2023 08:24 AM

මම ලේකම්වරු පත්කරගෙන වරෙන්කෝ ඡන්දෙ ඉල්ලන්න. ඛනිජතෙල් සංස්ථාවෙන් පඩිගෙවන නිලධාරීන් ඉන්න දේශපාලන පක්ෂය... වෙන රටක නම් මොවුන් හිරගෙවල්වල ඉන්නේ...

:       1       8

Nimal Sunday, 17 September 2023 09:37 AM

රට වැනසූ අමු සොහොනක කිරුළ දරා ඵලක් වේද බොලව්...!

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site