
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැතිවරුන් නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ පවත්වා ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්ව සිටින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් මේ සඳහා සහභාගි වී ඇති අතර එහිදී යම් යම් එකඟතාවලට පැමිණ ඇතැයිද එම පක්‍ෂයේ ප්‍රකාශකයකු පැවසීය. එම එකඟතා අනුව දැනට පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුව හා එක්ව සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, මැති ඇමතිවරුන් 9 දෙනාගේ කණ්ඩායම පක්‍ෂයේ මී ළඟ මධ්‍යම කාරක සභාවට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම මැති ඇමතිවරුන් පිරිස හිටපු ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්වූ බව ද ඔහු කීවේය. පක්‍ෂ වැඩබලන මහලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කිරීමෙන් පසු ඔවුන් එම ඉල්ලීම ඉදිරිපත් කළ බව ද එම ප්‍රකාශකයා කීවේය. මෙම පිරිසට යළි පක්‍ෂයට එක්වීමට අවශ්‍ය නම් ඇමතිධූර අත්හැරිය යුතු බවත්, සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් පමණක් ඔවුන් ඇමතිධූර ලබාගැනීමේ වරදක් නැති බවත්, හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ගෙන් කළ විමසීමකදී පැවසුවේ පක්‍ෂයෙන් ඉවත්ව සිටි පිරිස හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි. ඔවුන් යළිත් පක්‍ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ පිළිබඳ ස්ථිර තීරණයක් ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. පක්‍ෂයේ සියලු දෙනා යළි එක්වන්නේ නම් එය ඉතා වැදගත් බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත දාල ගිය අය යළි සාකච්ඡා