IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඩු වියදම් මාර්ග හදන පර්යේෂණ කඩිනම් කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකගතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.  

මෙම කාර්යය සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල ඒකාබද්ධ එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කළයුතු බව ද කී අමාත්‍යවරයා පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ටද අවශ්‍ය පුහුණුව සමඟ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් දියහැකි ආකාරයේ පහසුකම් ආයතනය තුළ ස්ථාපිත කිරීම තුළින් ආයතනය පිළිබඳව ජාතික මට්ටමේ පිළිගැනීමක් හා නව ආදායම් උත්පාදන මාර්ගයක් ද බිහි කළ හැකි බව ද සඳහන් කළේය.

මෙරට මාර්ග ඉදිකිරීම සහ අලුත් වැඩියාව සඳහා භාවිතා කෙරෙන ගල් කුඩු, තාර, කාපට් ආදිය යොදා ගනිමින් සිදුකෙරෙන ක්‍රමවේදයට විකල්පයක් ලෙස කලු ගල් හා ඒබීසී භාවිතයෙන් තොරව පිහිටි පොළොව ශක්තිමත් කරමින් මාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රත්මලාන පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව එසේ පැවසීය.



අදහස් (8)

අඩු වියදම් මාර්ග හදන පර්යේෂණ කඩිනම් කරයි

saliya Thursday, 02 March 2023 04:36 PM

ඇමැතිත්, නිලධාරිනුත් තරගෙට බොරු කරති. අලුතෙන් ක්‍රමවේද හැදුවත්, නැතත් නියම තාක්ෂණයට වැඩකරන ලෙස ඔය ඉංජිනේරුවන්ට කියන්න​. පාරක් පැච් කරන්නේ... ගොම තලියක් වගේ... කාපට් ගොඩක් දාලාය​. කුණු, දූවිලි වත් අයින් කරන්නේ නැත​. මහ වැස්සෙත් කාපට් කරනවාය​.

:       0       6

Prabha Friday, 03 March 2023 01:14 AM

කුලසිංහ මහත්තයා කියපු දේවල් නොකරපු උන්

:       0       0

Kumasaru Friday, 03 March 2023 04:18 AM

මෙවැනි මාධ්‍ය සංදර්ශනවලින් තහවුරු වන්නේ වංක නිලධාරීන්ගේ පැවැත්ම මිස මාර්ග ජාලයේ තිරසාර බව නොවේ. RDA ප්‍රතිසංස්කරණයේ පළමු පියවර ලෙස නිර්භීත "ගෝඨා නමස්කාරකයා" පලවා හැරිය යුතුය.

:       0       0

swene Friday, 03 March 2023 06:51 AM

පාරවල් හැදීම සහ නඩත්තු කිරීමේ ක්‍රියා දාමය මහා මුදල් වංචාවක් බව ජන ගත වී අවසානයි. හැකිනම් ඒවා නැවැත්වීම සඳහා ජන විඥානය සකස් කිරීමට පර්යේෂණ සහ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. එවිට මුදල් ඉතිරිවේවි.

:       0       0

චන්දන Friday, 03 March 2023 06:51 AM

අමුතු දේවල් ඕන නැහැ . යන්තමින් කැඩෙන තැන් නිසි පරිදි පැච් දාන්න . සතියට සැරයක් මොබයිල් සර්විස් එකක් දාන්න . හැම පාරකටම. ජල සම්පාදනෙත්, ටෙලිකොම් එකත් එක්ක සම්බන්ධ වන්න . එච්චරයි .

:       0       0

Lalla Friday, 03 March 2023 08:19 AM

ඕක අලුත් කථාවක් නොවේ. ආණමඩුව බංගදෙනිය මාර්ගය මුලින්ම ඉදිකළේ ඔය විදිහට 1980 දශකයේ. රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව මගින්. වියලි කලාපීය බර වාහන නිතර නොයන මාර්ග වලට ඔය ක්‍රමය සුදුසුයි. ඒත් අබලන් තැන් වහා පිලිසකර කල යුතුය.

:       0       0

CC Friday, 03 March 2023 08:57 AM

සියළු කොන්ත්‍රාත් නියාමනය කර උපරිම ප්‍රමිතිය තහහුරු කළහැකි නීතිමය යාන්ත්‍රණයක් ස්වාධීන පද්ධතියක් හැදිය යුතුයි... නැතිනම් ප්‍රමිතියකින් තොර ව්‍යාපෘති නිසා රට වලපල්ලට යෑම කිසිදා වළකාගත හැකි නොවනු ඇත. මේ සඳහා විගණන පනත මීටවඩා ශක්තිමත් කළයුතුයි... ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කළයුතුයි. අල්ලස් හා දූෂණ විමර්ශන යාන්ත්‍රණය තවදුරටත් බල ගැන්විය යුතුයි. එවැනි දේ නොකර ඇමතියන්ගේ බොරු ෂෝ වලින් රටට ඵලක් නැත.

:       0       0

Bamunuarachchi Friday, 03 March 2023 11:24 AM

කොමිස් කැපුවාම නිකම්ම පාරවල් හදන වියදම අඩුවෙනවා. ප්‍රශ්නය එතකොට පාරවල් හැදෙන්නේ නැහැ. දැනට කොමිස් ගහන්න එතුරුවෙලා තිබෙන්නේ ඔපමනයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site