(සුජිත් හේවාජුලිගේ)
සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එකඟවී ඇත.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් හත් දෙනකු සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
එම සැමන් ටින් නිෂ්පාදකයන් මෙලෙස එකඟවී ඇත්තේ එම සාකච්ඡාවේදීය.
ටින් මාලු කර්මාන්තය ආශ්‍රිත ගැටලු ගණනාවක්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අප රටේ නිෂ්පාදනයක් බැවින් අප සැම එය අගය කළ යුතුයි...
හොඳ බඩු රට පටවලා ඉතිරිවෙන කෑලිවලින් හදයිද? උගුරේ කටු ඇනෙයිද? දන්නවනේ අපේ කට්ටියගේ වැඩ...
මේ අඩු මිලට සැමන් ටින් ලක්‍ෂ 4 ක්, සතොස ස්ටාෆ් එකේ කට්ටියට බෙදා ගන්නවත් ඇති ද?
ඔය ටින් කරන්නේ ලින්නන්. ලින්නෝ කියන්නේ ආනයනය කරන මාලු. ඇයි බැරි දේශීය ඇටවල්ලෝ, බෝල්ලු, හුරුල්ලෝ ටින් කරන්න. මදිකමක්ද? සැපයුම මදිද? මේ තරම් මුහුද තිබෙන කලපු තිබෙන රටක මාලු ඇතිකර විකුණන ක්‍රම හදන්න පාඨමාලා නැති විශ්ව විද්‍යාල මොකටද? ඇමැතිවරු මොකටද?
මෙයට මාස 03කට පෙර සැමන් 320-330 අතර මිලක් තිබුණේ. නැව ගිනිගත්තාට පසුව 390 දක්වා ඉහළ ගියා. අවාසනාවකට අපි මේ වනතෙක් සැමන් ටින් ගෙනෙන්නේ චිලී රටෙන් කුමා...
දේශීය මාළු අස්වැන්න මදිනම් ටින් මාළු ගෙන්වීම තේරුම් ගත හැකියි. නමුත්, ලංකාව කුඩා දිවයිනක් වන හෙයින් වෙරළේ සිට රටේ ඕනෑම තැනකට පැය කිහිපයක් ඇතුලත ඕනෑම තැනකට මාළු ප්‍රවාහනය කරන්න පුළුවන්. ඉතින් නැවුම් මාළු බෙදාදීමට හැකියාව තිබියදී මාළු ටින් කොට බෙදාහැරිම සම්පත් නාස්ති කිරීමක් වගේ ම ඉවතලන ටින් පරිසරයටද හානියක්. මෙවැනි කරුණු නොසලකා දේශීය පරිභෝජනය සඳහා ටින් මාළු කර්මාන්ත ඇතිකිරීම අපේ තවත් අනුවන තීරණයක් නොවේද ? ප්‍රතිපත්ති ගෙනා දේශපාලකයොත් මේවට වග කිවයුතුයි.