(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය.
පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති මෙම පත්වීම වසර 3 කාලයක් සදහා සිදුකර ඇති බවද පොලිස් මුලස්ථානය කියයි.
අජිත් රෝහණ මහතා දැනට දරණ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, හා රථවාහන යන තනතුරු වලට අමතරව මින් ඉදිරියට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයකු ලෙස කටයුතු කරන බව පොලිස් මුලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ අනෙක් තනතුරු සඳහා කාන්තා නියෝජනය වැඩිකළ යුතුවේ.
වගකීමකටත් වඩා කඩේ යාම නිසා ලද වරප්‍රසාදයක්..
දැන්වත් මෙතන වැඩ හරියට කෙරෙනවා නම් හොඳයි. සුදු අලි...
හිමිවූ නව වගකීම තුළින් සාර්ථක සේවාවක් කිරීමට ලැබේවා...!!
තමන්ටත් පුතෙක් සහ දුවෙක් සිටින නිසා , රටේ දූවා දරුවන් තමන්ගේ යැයි සිතා රාජකාරිය අකුරටම කරාවි යැයි සිතමි.