
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්‍රකාශ කළාය.
මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරිය, "පළමු වතාවට ආණ්ඩු බලය සමග අපිට වැඩ කරන ජනතාවගේ දිනය සමරන්න පසුගියදා හැකි වුණා. මෙවර මැයි දින සැමරුම අපේ ඉතිහාසයේ සාර්ථකම මැයි දින සැමරුමයි. ජනාධිපතිවරණයේදී ලැබුණ ජයග්‍රහණයට වඩා මහ මැතිවරණයේදී අපිට විශාල ජයග්‍රහණයක් ලැබුණා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයත් ජයග්‍රහණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමගම, අපිට සංවර්ධනය ගමට ළඟා කරන්න හැකි වෙනවා. මහජනතාවට වඩාත්ම සමීප වන්නේ පළාත් පාලන ආයතනයි. ඒ නිසා මේ මැතිවරණය අපිට ඉතාම වැදගත්.
අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නැතිවීම තුළ ඔවුන් කැලඹිලා ඉන්නේ. රටේ සිද්ධ වෙන අපරාධවලට හේතුව ඔවුන්ගේ මේ කැලඹීම. නීතිය සහ සාමය රැකීම පොලිසිය විසින් මේ වනවිට සිදුකරගෙන යනවා."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි