IMG-LOGO

අග්‍රාමාත්‍යවරයා අ‘පුර සිද්ධස්ථාන වැදපුදා ගනී


රුවන්වැලි  චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දුටු අවස්ථාව

උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක  අනුරාධපුර අටමස්ථානාධිපති  පල්ලේගම සිරි නිවාස නාහිමි බැහැදුටු අවස්ථාව 


අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට ගොස්   උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක  අනුරාධපුර අටමස්ථානාධිපති  පල්ලේගම සිරි නිවාස නාහිමියෝ  බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


එහිදී   පල්ලේගම සිරිනිවාස  නාහිමියන්  විසින්  අග්‍රාමාත්‍යවරයාට සඳහන් කළේ  ශ්‍රී මහා බෝධියේ පළමු සහ දෙවැනි රන් වැටට අලුතින් රන් ආලේප කරිමට කටයුතු සුදානම් කර ඇති බවයි.


 
එමෙන්ම ඉන්දියාවේ රන්කරුවන් විසින්  ශ්‍රී මහා බෝධි රන්වැට  සඳහා රන් ආලේප කිරීමට නියමිතව ඇතැයිද ,  ලබන පෙබරවාරියේදී එම කටයුතු අරඹන බවද  පැවසු නාහිමියෝ  එම කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට බලපොරොත්තු වන බවද  සඳහන් කළේය. 
 
සිරිනිවාස නාහිමි බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑයද  වන්දනා කළේය.


 
අග්‍රමාත්‍යවරයා  රුවන්වැලි  චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද  ලබාගත් අතර රුවන් වැලි මහසෑය වෙනුවෙන් කප්රුක් පුජාවක්ද සිදු කළේය.
 


( අංජුල මහික වීරරත්න )  ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
 



අදහස් (11)

අග්‍රාමාත්‍යවරයා අ‘පුර සිද්ධස්ථාන වැදපුදා ගනී

sirimal Sunday, 30 December 2018 10:52 AM

මේ නායක ස්වාමින් වහන්සේලා කලින් පෙන්වන ලද දේශපාලන නැඹුරුකම් ගැන හිතලා බැලුවොත් අගමැති තුමාට හොඳක් නම් අහන්න ලැබෙන්න නැතුව ඇති.

:       92       19

Menaka Sunday, 30 December 2018 11:25 AM

හපොයි... අගමැතිතුමාට මොනවද මේ වෙලා තියෙන්නේ? අගමැතිතුමා දැන් දිගට, හරහට පන්සල් යනවා. පිරිත් කියවනවා. මොකක් හරි අවුලක් වත්ද?

:       2       246

RaveendraSunday, 30 December 2018 12:19 PM

නැතුව.. නැතුව.. පුතේ අනේ මේ නහින දෙහින කාලේ මම කරපු " හොඳ වැඩ " එ් කිව්වේ අර මහ බැංකුව දියුණු කරන්න ඇඩ්රස් නැති කරපු එක වගේ එකී නොකී මෙකි "හොඳ වැඩ" ඒ නිසා මට නිතරම මතක් වෙනවා, හීනෙන් සතුටුවෙනවා, සින්දු කියනවා. එ් නිසා පොඩ්ඩක් හිතුණු හීල් දානය පිළිබඳව පොඩි අධ්‍යාපනයක් කරන්න. අද, හෙට අතදරුවන් වත් වඩාගන්න උත්සාහ කරනවා පුතේ... හිනාවෙන්න එපා මට හොඳේ පුතේ...

:       1       323

upaliSunday, 30 December 2018 12:54 PM

ඔහොම ගිහිල්ලා බැරිවෙලාවත් රහත් වුනොත් මොන දෙයියන්ට කියන්නද?

:       4       59

channaSunday, 30 December 2018 01:53 PM

නැහැ නැහැ.. මැතිවරණ ගොඩක් එනවා ඊළඟ අවුරුද්දේ..

:       0       299

Raveendra Sunday, 30 December 2018 11:26 AM

ජීවිතය පුරාවටම බටහිරටම අාවඩපු අපගේ මාතෘ භූමිය විකුණන් කාපු සිංහල සුද්දන්ට ළගදී ඉඳලා අනිත්‍ය, අනන්තය, හයරියන් ධර්මතාවය සහ වැලිගම ගැන මතක් වෙලා වගේ. ම්ම් ... හොඳා. මොනදේ කළත් තමාගේ හිතට නම් බොරු කරන්න බැහැ. මොන නිලතල තිබුණත්... එය අපි සැවොමටත් පොදුයි. මෙයාලට කියලත් එ්කේ වෙනසක් නැහැ යාලුවේ...

:       1       340

prabha Sunday, 30 December 2018 12:00 PM

එතනත් පවුල් සමාගමක්....

:       0       19

Raveendra Sunday, 30 December 2018 12:09 PM

වැන්දත් බටහිරට වැසිකිළි යන විටදී... දන්නවා කළ බොරු පස්සෙන් එනවිටදී... දිව්වත් උමතුවෙන් ධර්මය පිටුපසදී... බේරෙන්න බැහැ..

:       1       99

වසන්ත ලියන Sunday, 30 December 2018 02:08 PM

අනිත් අය වගේ නිවාඩුවට පිටරට නොගියාට ලංකාවේ ඉඳලා මෙතුමා පිං ගොඩාක් කර ගත්තා...

:       408       1090

පුෂ්පා ඒකනායක Sunday, 30 December 2018 02:11 PM

රංගේ..., මගේ රංගේ තාම ඉන්නවා නේද?

:       0       15

Bandara Tuesday, 01 January 2019 06:09 AM

මට දැන් හිතෙනවා වැරදි වැඩ බොරුවක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 70 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 47 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site