
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එහිදී බහින්බස් වීමක් ඇතිවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:-
මගේ නැවතීම අංගොඩින් හෝ වැලිකඩින් කියා ශ්‍රිලනිපයෙ සිට ආණ්ඩුවට ගිය ඇමති කෙනෙක් කියා තිබුණා. ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරුන් මේ ප්‍රශ්නය අතට අරගෙන අධිකරණයට බලපෑමක් කොට මම හිරේ යවන්න වෑයම් කරනවාදැයි මට සැකයක් තිබෙනවා.
මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු. ශ්‍රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් අප ජීවිතය කැප කරන බව කිව යුතුයි.
දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවේ. අර්බුද පක්ෂ වලට විසඳා ගන්න නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් තුළ කරන කටයුතු අප හෙළා දකිනවා.
අපේ පක්ෂයේ ප්‍රශ්න වලට අධිකරණයට උඩින් ගිහින් පොලිසිය දැමීම කොතරම් සාධාරණද?
අමාත්‍ය මහින්ද අමරවීර මහතා:-
අංගොඩ හෝ වැලිකඩ නවතින්න වේවි කියා කතාවක් මම නම් කිව්වේ නෑ.අංගොඩ යා යුතු අය අංගොඩ යාවි. අදාල නැති කෙනෙකුට ශ්‍රීලනිපය බාර දුන්නා. දයාසිරි ඉවත් කළේ අපිද?
මෛත්‍රිපාල සිරිසේන මහතා:-
මේ පක්ෂය විනාශ වෙන්න මුල මේ පිරිස ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගැනීම. දැන් මැතිවරණ ළං වෙනකොට ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන්න යනවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා:-
මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට ගිය එකෙන් නොවේ.ආප්ප කාල ගිය එක තමයි පක්ෂය විනාශ වෙන්න ප්‍රධාන හේතුව.
මහින්ද අමරවීර මහතා:-
සුද්දවන්තයො වගේ කතා කරන අයගේ හොරකම් ඉදිරියේදී නම් ගම් එක්ක හෙළි කරනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා:-
මොවුන්ගේ ප්‍රකාශ අසත්‍යයි.එපා කියද්දි ආණ්ඩුවට ගියා.ඔය ගොල්ලෝ හොරෙන් ඇමතිකම් ගත්තා.
මහින්ද අමරවීර මහතා:-
මන්ත්‍රීවරුන් 142ක් එක්ක පක්ෂය බාරගෙන දෙන්නට අඩු කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ එක්ක වත් රටට වැඩටක් ඇති උන් නොවේ අවස්ථාවාදීන්
පොහොර නැවේ ඩොලර් මිලියන 6.7 මේකට අයත් ද? කෘෂිකර්මෙට අමතක උනාවත් ද?
වැලිකඩ ගිහිල්ලා නිදහස් වුණාට පස්සේ බලමු අංගොඩ යවන්න සෙට් එකම. එතකන් සද්දේ වහලා හිටපල්ලා රටේ බදු මුදල් නාස්ති නොකර .
බලලෝබී බඩගෝස්තරවාදී ආත්මාර්තකාම් ,අවස්තාවාදී ,තමුන්ගේ පැවැත්ම ගැන හිතන දූෂිත දේසපාලුවෝ ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
ලංකාවට දැන් අවශ්‍ය පක්ෂයක් නෙමෙයි SLFP කියන්නේ , මේ පාර මැතිවරණය තිබුනම මුන් ටික මිනිස්සු විසි කරලම දාවි. මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි මුන් නිලතල වලට කුලල් කාගන්කවා, මෝඩ හැතිකරේ .
ආප්ප සිරා දඩේ ගෙවලාද ඉන්නේ.? උසාවි දඩයක් තමුන්ට කැමැති වෙලාවක ගෙවන්න පුළුවන්ද?
ලංකාව විනාශ කිරීමට පටන්ගත්ත පක්‍ෂය ශ්‍රීලනිපය. ජනසතුකරණය සහ සිංහල පමණක් යන ක්‍රියා නිසා ජාතීන් අතර සාමය නැතිවීම සහ දේශීය ධනවතුන් විනාශ කිරීමේ ශාපය. තාවකාලික ජොලිය ගත්තට ලාංකික ජනතාව විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනයා අධ්‍යාපන මට්ටමින් පහළට යන්න හේතුව බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මත සිංහල පමණක් ක්‍රියාමාර්ගය දේශීය උපාධිධාරීන් රජයේ රැකියාවලට යන්න බලාගෙන ඉන්න තත්වය නිර්මාණය වූයේත් ඉංග්‍රීසි දැනුම නැතිබව.