IMG-LOGO

අකුණුසැර වැදී ගොවියා මරුට

( එස්.ජී.උබේපාල)

මැදවච්චිය කිරි ගල්වැව ප්‍රදේශයේ කුඹුරක  වැඩ කරමින් සිටී  ගොවි මහතෙකු  අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය,අංක 72 කිරිගල්වැව තුලානේ , අමුනේවත්ත ලිපිනයේ පදිංචි අප්පුහාමිගේ ජයසුන්දර නැමැති  69 හැවිරිදි අයෙකි.

මැදවච්චිය ප්‍රදේශයට ලැබුණු ධාරාණිපාත වර්ෂාවෙන් පතිත වූ අකුණු සැරක් මෙම ගෙවි මහතා වැඩ කරමින් සිටි ආසන්නයට වැදීමෙන්  ගොවිමහතා කුඹුරේම ඇදවැටී ඇත.

ඔහු නිවසට පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් නිවසේ සිටි ගොවි මහතාගේ පුතා සහ දියණිය මෙම ගොවි මහතා පිළිබඳ සොයා බැලීමට කුඹුරට ගිය අවස්ථාවේ ඔහු බිම වැටී සිටිනු දැක  මැදවච්චිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, රෝහල වෙත රැගෙන එන විටත් ඔහු මියගොස් සිට ඇතැයි වෛද්‍යවරු සඳහන් කළහ.

 

 



අදහස් (1)

අකුණුසැර වැදී ගොවියා මරුට

Hafeel Monday, 04 April 2022 01:33 PM

අනේ කනගාටුයි මේ අකුණුත් වැදින්නෙත් අහිංසක ගොවීන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 316 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 492 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 196 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site