(යොහාන් භාසුර)
අක්කරේපත්තු ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවකින් වී මෙට්‍රික්ටොන් 585 ක් හෙවත් වී කිලෝ 585,000 ක් අද (02) පස්වරුවේ සොයාගත් බවත් එම වී ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
නැගෙනහිර පළාතේ ලියාපදිංචි නොකළ වී ගබඩා කීපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් හෙට (03) දිනයේ එම ගබඩා වැටලීමට සූදානමින් සිටින බවත් මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ ගබඩා වල තියෙන සීනි සහ සහල් සීල් කිරීම සහ රාජ සන්තක කිරීම හේතුවෙන් අනාගතයේදී උග්‍ර හිඟයක් ඇතිවීම ස්වභාවිකයි.